FaceApp ඇත්තටම ආරක්ෂිත ද?
මොකක්ද මේ FaceApp
FaceApp යනු ඔබ විසින් ලබාදෙන ඡායාරූපයක් සදහා beautifying,gender-bending හා defying වැනි විවිධ effects වර්ග යෙදිය හැකි කෘතිම බුද්ධියක් මත පදනම් වූ selfie-editing app එකක්.රුසියානු සමාගමක නිර්මාණයක් වන මෙය ප්‍රථම වරට කරලියට පැමිණියේ මීට වසර 2කට පමණ පෙර එනම් 2017 දීයි.
නමුත් දැනට ටික දිනකට පෙර FaceApp සදහා age acercity නම් ඡායාරූපයක මුහුණකට ඉතා ලාබාල හෝ මහලු පෙනුමක් ලබාදිය හැකි නවතම feature එකක් එක් කරනු ලැබුවා.ඒ සමගම FaceApp ආයතනය මේ සදහා විශාල promotional campaign එකක් සමාජජාලා හරහා දියත් කරනු ලැබීමත් සමගම මෙය භාවිතය උන්මාදයක් බවට පත්වුනා.දැනට නිකුත්කර තිබෙන වාර්තා අනුව මිලියන 800 අධික පිරිසක් FaceApp හරහා age acercity නම් මෙම නවතම effect එක භාවිතා කර තිබෙනවා.කෙසේ වෙතත් මේ වන විට මෙම FaceApp ,පරිශීලක දත්ත හා පෞද්ගලිකත්වය පිළිබද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා.
FaceApp ක්‍රියාකරන්නෙ මෙහෙමයි
මෙහිදී දැනට ඔබ ලබාගෙන තිබෙන ඡායාරූපයක් හෝ මේ මොහොතේ කැමරාව මගින් ලබාගනු ලබන ඡායාරූපයක් App එකට ලබා දිය යුතු වෙනවා.ඉන් පසු FaceApp හරහා මෙම image එක FaceApp cloud servers වලට upload කරනු ලබනවා.පසුව neural network algorithm එකක් හරහා image එකෙහි ලක්ෂණයන් උකහාගැනීමත්(feature extraction) එම දත්ත අනුව ගැලපෙන පරිදි effects apply කිරීමත් සිදුවෙනවා.අවසානයේ මෙසේ effects යෙදූ image එක FaceApp හරහා download වීම සිදුවෙනවා.
FaceApp බාවිතය අනාරක්ෂිතයි ද
වර්තමානයේ පරිශීලක දත්ත සදහා ඉහලම ඉල්ලුමක් ඇති බැවින් ඔබ upload කරනු ලබන photo එකෙන් extract කරනු ලබන දත්ත භාවිතාකර ඔබව හදුනාගත හැකි පරිදි face recognition පද්ධතියක් නිර්මාණය කිරීමට පවා හැකි වෙනවා.සයිබර් අවකාශය තුල මෙසේ විශාල දත්ත එකතුවක් පවත්තා ගෙන යාමට කිසියම් රටක් කටයුතු කරන්නේ නම් අනාගත සයිබර් යුද්ධයකදී එය බලගතු ආයුධයක් ලෙස භාවිතා කරන්න පුලුවන්.එමෙන්ම වෙළදදැන්වීම් සමාගමට පවා මෙම දත්ත කෙතරම් වටින්නේදැයි අමුතුවෙන් කිවයුතු නැහැ.
එමෙන්ම iOS සමග මෙම app එක භාවිතයෙදී iOS මගින් වෙනස් කරනු ලබන image upload permissions මෙම app එක සදහා බලනොපෑම පිලිබද යම් කතා බහක් ඇතිවී තිබෙනවා.එමෙන්ම app එකෙහි privacy policy සැලකීමෙදී එය install කිරීමට නම් ඔබගේ usernames,names හා image features වාණිජමය කටයුතු සදහා යොදා ගනීමට සමාගමට අවස්තාව ලබාදිය යුතු වෙනවා.
කෙසේ වෙතත් මේ පිලිබද අදහස් දක්වන Cyber-security විශේෂඥයින් සදහන් කරන පරිදි මෙම App එක කිසිවිටෙකත් ඔබගේ permission වලින් තොරව camera access නොකරන අතරම ඔබගේ දුරකතනයේ image library එකද access කරන්නේ නැහැ.ඔබ තොරා දෙනු ලබන images පමනක් cloud servers වලට upload වීම සිදු වෙනවා.එමෙන්ම ඔවුන් සදහන් කරන පරිදි FaceApp වලට සමාන හෝ ඊටත් වඩා වැඩි ප්‍රමාණයකින් ඔබගේ දුරකතන දත්ත access කරන සමන්‍යය apps බොහෝමයක් මේ වන විටත් ඔබ විසින් එදිනෙදා බාවිතා කරනු ලබ බවයි.
මේ පිලිබදව TechCrunch වෙබ් අඩවිය සමග අදහස් දැක්වූ FaceApp හි ප්‍රධාන විධායක නිළදාරී Yaroslav Goncharov සදහන් කරනු ලැබූ ආකාරයට ඔබ ලබාදෙන images සියල්ල FaceApp servers වල පැය 48 කාලයක් තබා ගන්නා බවත් එයට හේතුව එකම images නැවත නැවත upload කිරීමක් සිදුවුවහොත් ඒවා process කිරිමෙන් සිදුවන කාර්යක්ෂමතාව අඩු වීම හා network traffic එක වැඩි වීම පාලනය බවත්ය.තවද සමාගම යොදාගන්නා කිසිදු server එකක් රුසියාවේ පිහිටා නැති බවත් ඒවා AWS හා google clouds බවත් වැඩිදුර ඔහු සදහන් කරනවා.
කෙසේ වෙතත් Cambridge Analytica සිදුවීමත්,පසුගිය ඇමරිකානු ජනපතිවරනයට රුසියාව සිදුකල ඇතැම් බලපෑමුත් නිසා යුරෝපීය රටවල් FaceApp දෙස වපර ඇසින් බැලීම සාමාන්‍යයයි.
Comments
Post a Comment