Zoom Meeting වලට Mobile Phone camera එක භාවිතා කරන ආකාරය.
මේ දින වල රටේ පවතින තත්වයත් සමග පාසල් , විශ්වවිද්‍යාල හා වෙනත් අද්යාපන කටයුතු බොහෝ දුර්ට අඩපනවී ඇත. නමුත් අන්තර්ජාලය හරහා (online Education) අද්යාපන කටයුතු සිදුකිරීමේ පහසුකම් වර්තමානයේදී පවතී. Smart phone ,tablet pc , laptop , desktop pc යන ආදී device එකක් සමග තරමක් හොද අන්තරජාල (internet) පහසු කමක් ඇත්නම් online Education පහසුකම ලබාගතහැක. මෙයට සම්බන්ධ වන්නන් වන ගුරුවරුන් හා සිසුන්ට මුහුන දෙන්නට වෙන ගැටලු බොහෝමයක් ඇත. මේ නිසාම සමහර විට විශය කරුනු මගහැරී යනු ඇත. මෙම ලිපියෙන් එවන් එක් ගැටලුවකට ගත හැකි විසදුමක් ඉදිරිපත් කර ඇත.
බොහෝ විට online lectures සදහා භාවිතා කරන්නේ zoom, Microsoft Teams, වැනි softwares වේ. මෙම software එකකින් meeting එකක් host කල විට host කරන්නාට(teacher, lecture) ඇතිවන ගැටලුවක් වන්නේ camera ව මගින් white board eka පෙනෙන්නට සැලැස්වීමේ අපහසුතාවයි. බොහෝ දෙනා meeting එක host කරන්නේ පරිගණකයක් භාවිතා කරගෙනය. එවිට අමතර වෙබ් කැම් එකක් හෝ laptop එකක් නම් webcam එක භාවිතා කරයි. මීට වඩා පැහැදිලි ලෙස පෙනෙන සේ අප සතු ජංගම දුරකථන කැමරාව යොදා ගත හැකිය. බොහෝ දෙනා භාවිතා කරන zoom meeting වලට මෙය යොදාගතහැකි ආකාරය පහත දැක්වේ.
මේ සදහා මුලින්ම අපගේ smart දුරකථනය සදහා Droid cam නම් app එක ලබාගත යුතුය. පහත link මගින් එය ලබාගත හැක.
Droidcam(Android)- https://bit.ly/3mfEtC0
Droidcam(Apple) -https://apple.co/3oobOg0
එමෙන්ම windows පරිගණය සදහා droidcam client software එක download කරගත යුතුය. ඒ සදහා පහත link එක භාවිතා කරන්න.
Droidcam client(windows) - https://www.dev47apps.com/droidcam/windows/
ඉන් පසු ඔබ දුරකථනය පරිගණකට සම්බන්ධ කල යුතුය. ඒ සදහා ඔබට wifi හෝ data cable එකක් භාවිතා කල හැකිය. Wifi මගින් connect කරන්නේ නම් පරිගණකය හා දුරකථය එකම wifi ජාලයකට(එකම router එකකට device දෙකම සම්බන්ධ කරන්න) සම්බන්ධ කර පරිඝණකයේ හා දුරකථනයේ droidcam open දැන් දුරකථන තිරයේ ip address එකක් දැකගත හැකිය. එය පරිගණකයේ droid cam client එකේ open වූ box එකේ device ip box එක තුල type කර Start මත click කරන්න.
දැන් දුරකථන කැමරාවෙන් ලැබෙන දර්ශන පරිගණකයෙන් පෙනෙනු ඇත. ඉන් පසු zoom හි camera icon එක මත click කර droid cam තෝරා දෙන්න.
Data cable මගින් connect කරන්නේ නම් මුලින්ම දුරකථනයේ usb debuging enable කල යුතුය. ඒ සදහා developer option active කර ගතයුතුය. ඒ සදහා Setting -> System setting -> about -> build number මත කීපවරක් touch කරන්න (5 taps) ඉන් පසු developer option නම් option එකක් දැක ගත හැකි වනු ඇත. එහි ඇති usb debuging නම් option එක enable කරන්න. ඉන් පසු data cable මගින් පරිගණකයට conect කරන්න , ඉන්පසු ඉහත ආකාරයටම droid cam client වෙත ගොස් usb mode එක තෝරන්න එවිට දුරකථනයේ නම එහි පෙන්වනු ඇත, ඉන් පසු start කරන්න. ඉහත පරිදිම zoom වෙත connect කර ගන්න , developer option enable කරන ආකාරය දුරකථන මාදිලිය අනුව වෙනස් විය හැක.
මෙම ක්‍රමය මගින් ඔබට පැහැදිලි හා පහ්සු ලෙස meeting host කරගත හැකිය.
යම් ගැටලුවක් ඇතිවුවහොත් මෙහි comment කරන්න/ අපගේ සිංහTech facebook page වෙත යොමු කරන්න.
Author- Oshan Malith
Like page - Facebook.com/sinhatechs
Thank you
#zoommeeting #android #windows
Comments
Post a Comment