UNIX පරිණාමය
වර්තමානය වන විට කොතෙකුත් මෙහෙයුම් පද්ධති පැවතියත් ඒ සෑම එකකම කොතනක හෝ UNIX හි ආභාශය ලබා තිබේ. පරිගණයක් , smart phone එකක් වැනි ඕනෑම මෙහෙයුම් පද්ධතික් සහිත උපාංගයක් භාවිතා කරන සෑම කෙනෙක්ම මෙන්ම අන්තරජාල භාවිතා කරන සෑම කෙනෙක්ම UNIX මෙහෙයුම් පද්ධතියේ කවර හෝ කොටසක් භාවිතා කරයි. UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කරන්නේ 1969 අගෝස්තු මාසයේදී ය. එතැන් පටන් අවුරුදු 50 ක් ගතවුවද එයින් බොහෝ ප්‍රයෝජන ලබයි.
UNIX ආරම්භය
70 දශකය ආරම්භයේදී එකල තිබූ Mainframe පරිගණක වෙනුවෙන් MULTICS (Multiplexed Information and Computing Service ) නම් මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය ආරම්භ කර තිබුනි. මෙය නිර්මාණය කිරීම ආරම්භ කලේ වානිජ නිශ්පාදයක් ඉදිරිපත් කිරීමේ අදහසිනි නමුත් එම ව්‍යාපෘතිය සාර්ථක වූයේ නැත. එම ව්‍යාපෘතිය අතහැර දැමීම නිසා එයට සම්බන්ධ වූ පර්යේෂකයන්ට විවේකයක් ලැබිනි. ඒ අතර සිටි පර්යේෂකයෙක් වූ කෙන් තොම්සන් 'Ken Thomson' space travel නම් පරිගණක ක්‍රීඩාවක් නිපදවීය. එය mainframe පරිගනක තුල ක්‍රියාත්මක වූයේ සෙමිනි. මේ නිසා ඔහු space travel smooth ලෙස play කිරීමට හැකි මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කලේය. ඒ 1969 අගෝස්තුවේදී ය . මේ සදහා thomson ට උදවු කල පුද්ගලයෙක් විය ඔහු නමින් Dennis Ritchie වේ. ඔවුන් දෙදෙනා එක්ව එකල තිබූ pdp-7 නම් පරිගණකයට ගැලපෙන ලෙස ken thomson ගේ මෙහෙයුම් පද්ධතිය වැඩිදියුනු කලේය. මේ මෙහෙයුම් පද්ධතියට නමක් ලබාදුන්නේ 'Brian Karnighan' නම් විද්යාග්යයාය. එය එතන් පටන් UNIX නමින් හැදින්විය UNIX හි ආරම්භය එයයි.
1971 දී MULTICS ව්‍යාපෘතියට මුදල් ලබාදුන් AT&T Bell labs සමාගම UNIX වැඩිදියුනු කිරීමට මුදල් ලබාදුන්නේය. එමෙන්ම UNIX නිල වශයෙන් පිලිගත්තේද මෙම වසරේදී වේ. 1973 වනවිට UNIX මෙහෙයුම් පද්ධතිය නව අංග එක් කල හැකි පරිදි C භාශාවෙන් නැවත සකස් කලේය. 1975 වන විට UNIX හි 6 වන සංස්කරණය නිකුත් විය.
UNIX වලින් ලැබූ අභාෂය.
1980 පමන වන විට UNIX හි මූලික කේතය පාදක කරගෙන නව මෙහෙයුම් පද්ධති දියුණු කිරීම ආරම්භ කර තිබුණි. UNIX කර්නලය ලෙස හැදින්වූයේ එයයි.
Microsoft සමාගම ඔවුන්ගේ 16 bit microcomputer සදහා XENIX නම් UNIX පාදක මෙහෙයුම් පද්ධතියක් නිපදවිය. පසුව windows මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කලේ XENIX අනුව ය.
Kaliforniya විශ්වවිද්‍යාලයේ පර්යේශකයන් BSD UNIX නම් මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කලේය. එම කණ්ඩායමේ සාමාජිකයකු වූ Bill Joy 1982 දී Sun microsystem ආයතනය ආරම්භ කර SunOs නම් UNIX පාදක මෙහෙයුම් පද්ධතියක් නිපදවිය.
Apple සමාගමේ NeXTSTEP මෙහෙයුම් පද්ධතිය ද UNIX පාදක මෙහෙයුම් පද්ධතියක් වේ. දැනට පවතින Mac os හී ද සමහර මූලික UNIX කේත එලෙසම ක්‍රියාත්මක වේ.
Linux ආරම්භය
1987 දී Andrew Tennobom විසින් MINIX නම් Unix Base මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කලේය. ඒ ඔහුගේ සිසුන්ට මෙහෙයුම් පද්ධතියක් ක්‍රියාත්මක වන ආකාරය පහදා දීමටය. මෙමගින් වැඩකරගන්නා අකාරය හා MINIX කර්නලය floppy disk එකකට අන්තර්ගත කර තිබුනි. එකල තිබූ usernet ජාලය හරහා මෙය සීග්‍රයෙන් ජනප්‍රිය විය. බොහෝ දෙනා මෙහි file System එක දියුණු කිරීමට පෙළබුනි. එම පිරිස අතර එවකට සිසුවෙකු වූ linus Towards ද මේ පිලිබද උනන්දු වූ අයෙකි. ඔහු MINIX හි file system එක වෙනස් කර රිසි සේ භාවිතා කරන ආකාරය ඉගෙන ගත්තේය. ඔහු 1991 october 5 නව මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කලේය. Linux ලෙස හදුන්වන්නේ එයයි. Richard Stolman විසින් නොමිලයේ ලබාදීමට වැඩිදියුණු කරන ලද GNU මෙහෙයුම් පද්ධතියේ කර්නලය ලෙස LINUX කර්නලය භාවිතා කරන ලදි. වර්තමානයේදී GNU/LINUX යනුවෙන් හදුන්වන්නේ මෙයයි. GNU/LINUXකර්නලය යොදාගෙන Debian,fedora,ubuntu,android ආදී මෙහෙයුම් පද්ධති බොහෝ ප්‍රමානයක් නිකුත් විය.
අන්තරජාල තොරතුරු ගබඩා කර ඇති Server වැඩි ප්‍රමාණයක් UNIX base මෙහෙයුම් පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ.
UNIX මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කිරීම වෙනුවෙන් පරිගණක විද්‍යාවේ නොබෙල් ත්‍යාගය වන Turing award එක 1983 දී ken Thomson ට හා Dennis Ritchie ට පිරිනමනු ලැබීය.
More Reading TAP THIS
Comments
Post a Comment