VPN ගැන තවදුරටත්
VPN පිළිබද මූලික අවබෝධයක් Proxy සහ VPN සේවාවන් ලිපියෙන් ලබාගත්තා ඔබට මතක ඇති. VPN සේවාවන් පිළිබද තව දුරටත් සාකච්චා කිරීම මෙම ලිපියේ අරමුණයි.
VPN සේවාවක අවශ්‍යයතාව
එදිනෙදා ජීවිතයේදී අප අන්තර්ජාල සේවාවක් ලබා ගන්නේ අපගේ පරිගනකය හෝ ජංගම දුරකතනය router එකක් හරහා ISP(Internet Service Provider)හා සම්බන්ද වීමෙනි.ISP සපයනු ලබන ප්‍රධාන සේවාවක් වන්නේ තම සේවාදායකයාට අන්තර්ජාලයේ සැරිසැරීමට අවශ්‍යය අන්‍යයතාවක් හෙවත් IP ලිපිනයක් ලබා දීමයි.මෙම IP ලිපිනය මගින් ISPට මෙන්ම අප සම්බන්ද වන වෙබ් අඩවිය හෝ සේවාවට අපගේ පිහිටීම(Location) පිලිබද බොහෝ දුරට නිවැරදි අවබෝධයක් ලබාගන්න පුලුවන්.තවද අප අන්තර්ජාලය සමග දත්ත හුවමාරු කිරීමේ දී ඒවා ISP servers හරහා හුවමාරුවීම සිදු වෙනවා.බොහෝ ISPලා මෙම දත්ත වෙළද දැන්වීම් සමාගම් වලට විකිනීම සිදුකරන බව නොරහසක්.එමෙන්ම මෙම දත්ත රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන අතට පත්වීම මගින් අපගේ privacy එකට විශාල බලපෑමක් සිදුවෙන්න පුලුවන්. VPN සේවාවක අවශ්‍යයතාව මතුවන්නේ මෙතැනදි.
VPN සේවාවකදී අප කෙලින්ම ISP හරහා අවශ්‍යය web අඩවියට හෝ සේවාවට පිවිසෙන්නෑ.පලමුව සියලු දත්ත encrypt කරනු ලබන encrypted tunnel එකක් හරහා VPN server සමග සම්බන්ධවීම සිදුවෙනවා.ඉන්පසු අවශ්‍යය web අඩවියට හෝ සේවාවට පිවිසෙන්නේ මෙම VPN server එක හරහායි.මෙහිදී ISP ට දකින්න ලැබෙන්නේ අප VPN සේවාවක් හා සම්බන්ධ වී ඇති බව පමනයි.ISP හරහා හුවමාරුවන සියලු දත්ත encrypt කර ඇති නිස අපගේ privacy එක ආරක්ෂාවීමක් සිදු වෙනවා. තවද අප සම්බන්ධ වන web අඩවිය හෝ සේවාවට දකින්න ලැබෙන්නෙ VPN server එකෙහි IP ලිපිනය පමනයි.අපගේ සැබෑ IP ලිපිනය සැගවී යන නිසා අප පිවිසෙන වෙබ් අඩවියට අපගේ පිහිටීම(Location) සොයාගැනීම අපහසුවෙනවා.
VPN භාවිතය නීති විරෝධීද
ඉරානය,තුර්කිය,චීනය,උතුරු කොරියාව ඇතුලු රටවල් කිහිපයක පමණක් VPN භාවිතය නීතියෙන් තහනම් කර තිබෙනවා.මේවායින් ඇතම් රටවල නීතියෙන් තහනම් වෙබ් අඩවි වලට VPN යොදා නොගෙන පිවිසීමට වඩා වැඩි දඩුවමක් VPN හරහා පිවිසීමෙන් ලැබිය හැකි බව සදහන් වෙනවා.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුලු බොහෝ රට වල VPN භාවිතය නීති විරෝධී නැහැ.
VPN සහ අන්තර්ජාල වේගය
මෙහිදී හුවමාරුවන සියලු දත්ත encrypt/decrypt කිරීමකට ලක් කල යුතු නිසා දත්ත හුවමාරු වේගය VPN වලින් තොරව internet භාවිතයට වඩා තරමක් හෝ අඩු වෙනව.එමෙන්ම අප තෝරාගනු ලබන VPN server එකෙහි පිහිටීම මතද වේගය රදා පවතිනව.එනම් ශ්‍රී ලංකාවේ සිට ඉන්දීය වෙබ් අඩවියක් පිවිසිය යුතුයයි සිතමු.මේ සදහා ඇමරිකාවේ පිහිටි VPN server එකක් මගින් පිවිසීමේදී ලැබෙන වේගයට වඩා වැඩි වේගයක් සිංගප්පූරුවේ පිහිටි VPN server එකක් හරහා පිවිසීමෙන් ලබා ගන්න පුලුවන්.මේසදහා බලපාන්නේ දත්ත ගමන් කරන දුර හා ඒ සදහා ගතවන කාලයයි.තවද මෙහිදී VPN serverඑක මෙන්ම අප VPN සේවාවට connect වන අපගේ උපාංගයද(computer,mobile devices) දත්ත encrypt/decrypt කල යුතු බැවින් අපගේ පරිගනකයේ හෝ mobile deviceඑකේ processing power එකද දත්ත හුවමාරු වේගය සදහා බලපානවා.
Free VPN ගැනත්
යම් නිෂ්පාදනය නොමිලේ ලබා දෙන්නේද ඇත්තටම එහිදී නිෂ්පාදන භාන්ඩය වන්නේ පාරිබෝගික ඔබයි.නොමිලේ ලබාදෙන බොහෝ සේවාවන් එම සේවාවන් භාවිතා කරනන්ගේ දත්ත විකිනීම,අන්තර්ජාල හැසිරීම monitor කිරීම ආදී ක්‍රියා වල නිරතවන බව kaspersky සමාගම පවා පවසා තිබෙනවා.ඔබ අන්තර්ජාලයේ සැරිසරන ආකාරය ඔබගේ රුචි අරුචි කම් පිලිබද analyse කරනුලැබූ දත්ත සදහා වෙළදදැන්වීම් සමාගම් හොද මිලක් ගෙවනුලබන අතර නීතිවිරෝධී කටයුතු සදහා වුවද යොදාගන්න පුලුවන්.එම නිසා free VPN එකක් හරහා ඔබගේ සංවේදී දත්ත සමග කටයුතු කිරීමේදී දෙවරක් සිතීම වැදගත්.
ISP නොමග යැවීම
ඔබ ඉතා විශාල file එකක් centralised server එකකින් download කරනවාට වඩා වැඩි වේගයක් torrent වැනි decentralised seeds කිහිපයකින් download කිරීමේදී ලබාගන්න පුලුවන්.ඇතැම් ISP ලා torrent download කිරීමේදී bandwidth throttle කිරීමක් සිදු කරනවා.නමුත් VPN වලදී දත්ත සියල්ල encrypt කරන බැවින් ISPට ඔබ torrent සේවාවක් බාවිතා කරන බවක් පෙනෙන්නේ නැහැ.එමනිසා සාමාන්‍යය අවස්ථාවකට වඩා වැඩි වේගයක් ලබාගන්න පුලුවන්.
වැඩි ආරක්ෂාවට VPN kill switch
ඔබගේ අනන්යයතාව සගවා අන්තර්ජාලයේ සැරිසැරීමේදී එක් වරම VPN සම්භන්ධතාව බිද වැටුන හොත් ඔබගේ අනන්‍යතාව නිරාවරනය වනවා.මෙය වලක්වා ගැනීමටයි VPN kill switch භාවිතා කරන්නෙ.මෙහිදී යම් ලෙසකින් VPN සේවාව terminate වුව හොත් අන්තර්ජාල සම්බන්ධය disconnect වීම හෝ අදාල application එක close වීම සිදු වෙනවා.
Comments
Post a Comment