Proxy සහ VPN සේවාවන්
තම අන්‍යතාවය සගවාගෙන කිසියම් වෙබ් අඩවියකට ඇතුලු වීමට හෝ වෙබ් සේවාවක් ලබා ගැනීමට අවශ්‍යය වූ විට Proxy හෝ VPN සේවාවක් යොදා ගැනීම අද අන්තර්ජාලය භාවිතා කරන්නන් අතර බෙහෙවින් සුලභ දෙයක්.
proxy වලදී proxy server එකක් හරහාත් VPN වලදී VPN server එකක් හරහාත් අදාල වෙබ් අඩවියට හෝ සේවාවට සම්බන්ද වීම සිදු වෙනවා.එහිදී අප පිවිසෙන වෙබ් අඩවියට හෝ සේවාවට දැකගත හැකි වනුයේ අපගේ IP ලිපිනය නොව proxy server හි හෝ VPN server හි IP ලිපිනයි.බොහෝ වෙබ් අඩවි IP ලිපිනය අනුව අප සිටින ස්ථානය(location) නිර්නය කරන නිසා මෙමගින් අප සිටින ස්ථානයද සගවා සිටීමට මෙමගින් හැකි වෙනවා.
Proxy සේවාව
Proxy සම්බන්දතාවක්(connection)
පිහිටවිය යුත්තේ application මට්ටමින්.එනම් ඔබ web browser එක
සදහා පිහිටුවන(configure) සම්බන්දතාවය BitTorrent සදහා අදාල නොවන
අතර ඒ සදහා වෙනමම proxy settings configure
කලයුතු වෙනවා.proxy සම්බදතාවයක් configure කිරීමේ දී ප්‍රධාන
වශයෙන් භාවිතා කරන protocols 3 පවතිනවා.
HTTP Proxy
වෙබ් අඩවි හා වෙබ් අන්තර්ගතයන්(Web content) සදහා භාවිතා කරන මෙම proxy protocol එක web browser හරහා configure කල යුතු වෙනවා.මෙමගින් අපගේ IP ලිපිනය වෙනස් කලද web traffic එක encrypt කිරීමක් සිදු කරන්නෙ නැහැ.එම නිසා ආරක්ෂිතයැයි සැලකෙන බොහෝ HTTPS වෙබ් අඩවි වලට පිවිසීම අවහිර කරන අතරම අදාල proxy server යේ හිමි කරුට අපගේ web traffic එකකට වෙළද දැන්වීම් එක් කිරීමටද හැකිවෙනව.
HTTPS Proxy
මෙම protocol
එකද වෙබ් content සදහා browser එක
මට්ටමින් configure කල යුතු උනත්
මෙමගින් traffic එක encrypt කිරීමකට කල්
කිරීම නිසා HTTPS web සමග බාවිතයේදී
ආරක්ෂිතයි.
SOCKS proxy
ඉහතින්
සදහන් කල proxy protocols භාවිතා කරන
ලද්දේ web services සමග පමනයි.torrent,music app,communication app මෙන්ම
අනෙකුත් බොහෝ application සදහා SOCKS proxy protocol එක
භාවිතා කල යුතු වෙනවා.මෙහිදී අදාල application එක මෙන්ම
සම්භන්ද වන server එකද encrypt පහසුකම
සපයයි නම් පමනක් application traffic සදහා encrypt කරන ලද සම්බන්දතාවයක් පවත්වා ගත හැකි වෙනව.
කෙසේ
වෙතත් proxy service දී හුවමාරු වන දත්ත encrypt නොකිරීම
හෝ දුර්වල encrypt කිරීම
නිසා ආරක්ශාව අතින් VPN වලට වඩා පහලින්
පැවතියද එමගින් වේගවත් දත්ත හුවමාරුවක් ලබා
දේ.
VPN සේවාව
මෙහිදී
සමස්ථ system internet traffic එක සදහාම
එක් VPN configure කිරීමක් පමණක් සිදුකලයුතු අතර proxy මෙන් application මට්ටමින්
නොව system මට්ටමින් ක්‍රියා කිරීම
සිදුවේ.දත්ත encrypt කිරීම අනිවාර්ය
අංගයක් වන අතර එමනිසා
අන්තර්ජාල සේවා සපයන්නාට වුවද
හුවමාරුවන දත්ත කියවිය නොහැක.බොහෝමයක් සේවා මිලදී ගත
යුතු අතර දත්ත හුවමාරු වේගය,bandwidth එක හා encrypt key එකෙහි
ශක්තිමත් භාවය ගෙවනු ලබන
මිල මත තීරණය වේ.
කෙසේ වෙතත් නොමිලේ සපයන VPN සේවා ද පැවතියත් ඒවා බොහෝමයක DNS encrypt කිරීමක් සිදුනොවන බැවින් අන්තර්ජාල සේවා සපයන්නාට හුවමරුවන දත්ත මොනවා දැයි කියවිය නොහැකිමුත් DNS දත්ත මගින් අප සම්බන්ද වන්නේ කුමන වෙබ් අඩවියක් සමගදැයි සොයාගත හැක.
Comments
Post a Comment