P30 හා P30 Pro :Huawei P-ශ්‍රේණියේ නවතම ජංගම දුරකතන සාමාජිකයින්
Huawei සමාගමේ P දුරකතන ශ්‍රේණියේ නවතම සාමාජිකයින් දෙදෙනා වන P30 හා P30 Pro ගැන තමයි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
P30 Pro දුරකතනය සැලකීමේ දී Huawei සමාගමේ නවතම SOC(System On Chip) වන Kirin 980 වලින් සන්නද්ධ කර ඇති අතර 8GB RAM මතකයකින් හා පාරිභෝගිකයාට තෝරාගත හැකි වන පරිදි 128/256/512GB අභ්‍යන්තර මතක(Internal Storage) ධාරිතා වලින් වෙළදපොලට නිකුත් කර තිබෙනවා.ඊට අමතරව Huawei සමාගමේම Nano memory භාවිතයෙන් storage expand කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.අගල් 6.47 Curved OLED Full HD+ තිරයකින් යුත් මෙම දුරකතනයේ aspect ration අගය 19.5:9 ලෙස සදහන් වෙනවා.
P30 සැලකීමේ දී වෙනස්කම් කිහිපයක්ම දක්නට ලැබෙනවා.එය අගල් 6.1 OLED තිරයකින් හා 6GB RAM මතකයකින් යුක්ත වෙනවා.
කැමරා පද්ධතිය
Huawei සමාගමේ P-ශ්‍රේණියේ දුරකතන නිෂ්පාදනය කිරීමේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ තරගකරුවන් හා සැසදීමේ දී සමාගම ජංගම දුරකතන කැමරා තාක්ෂණයේ කෙතරම් දියුණුවක් ලබා ඇත්දැයි පෙන්වීමයි.
P30 Pro දුරකතනය පිටුපස කැමරා 4 කින් යුක්ත වෙනවා.ප්‍රධාන කැමරාව 40MP wide angle කාචයකින් යුක්ත වන අතර කාච විවරය(aperture) f/1.6 අගයක් ගන්නවා.බොහෝ දුරකතන තම ප්‍රධාන කැමරාව සදහා RGB sensor එකක් භාවිතා කලද Huawei සමාගම ඒ සදහා භාවිතා කර ඇත්තේ RYB sensor එකක්.එයට හේතුව ලෙස ඔවුන් සදහන් කරන්නේ කොළ වර්ණයට වඩා කහ වර්ණයට 40% පමන වැඩි ආලෝක ප්‍රමාණයක් ග්රහනය කල හැකි බවයි.මේ නිසා අඩු ආලෝක තත්ව යටතේ දී වුවද ඉතා උසස් මට්ටමේ ඡායාරූප ලබාගත හැකි බවයි ඔවුන් පවසන්නෙ.
එමෙන්ම pixel binning තාක්ෂණය නිසා pixel හතරක් එක් pixel යක ලෙස ක්‍රියා කරවිය හැකි බැවින් අදුරු තත්ව යටතේ වුවද සැලකියයුතු ආලෝක ප්‍රමාණයක් ග්රහනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.ප්‍රධාන කැමරාවට අමතරව භාවිතා කර ඇති 8MP telephoto කාචය මගින් කැමරාවට ආලෝකය ඇතුලු වීමේදී periscope එකක් භාවිතා කර අංශක 90 හැරවීමකට ලක් කරනවා.එවිට දුරකතනයේ ඝනකම අඩු වීමත් වැඩි කාච ප්‍රමානයක් භාවිතයෙන් විශාලන(zoom) හැකියාව වැඩි කර ගනීමටත් හැකි වෙනවා.මීට අමතරව 20MP ultra-wide lense එකකින් යුත් කැමරාවක් සහ ඡායාරූප සදහා දුර සහ ගැඹුර පිලිබද දත්ත(Depth information) ලබා ගැනීමට TOP(Time Of Flight) කැමරාවකින්ද යුක්ත වෙනවා.කෙසේවෙතත් P30 දුරකතනයේ දැකිය හැක්කේ කැමරා 3 ක් පමණයි.මෙහි TOP කැමරාවක් දකින්නට ලැබෙන්නේ නැහැ.
දුරකතන දෙකෙහිම කැමරා පද්ධතිය ඉහල විශාලන හැකියාවක් ලබා දෙනවා.P30 Pro හි කාච භාවිතයෙන් පමනක්(Lossless Zooming) 15 ගුණයක(15X) විශාලන හැකියාවක් ලබා දෙනවා.තවද digital zooming ද සැලකීමේ දී මෙය 50 ගුණයක්(50X) පමණ වනවා.එනම් මෙය කුඩා දුරෙක්ශයක් මෙන් තරමක් දුරින් පිහිටි වස්තූන් දැකගනීමට වුවද භාවිතා කල හැකි වෙනවා.P30 හි සමස්ත විශාලන හැකියාව 30 ගුණයකි(30X).දුරකතන දෙකෙහිම OIS(Optical Image Stabilisation) හැකියාවෙන්ද යුක්තයි.එමගින් කැමරාව භාවිතා කරන විට දුරකතනයේ කුඩා සෙලවීමක් හෝ ගැස්සීමකදී ඡායාරූපයට සිදුවන බලපෑම අවම කරගන්න පුලුවන්.32MP ඉදිරිපස කැමරාවක් දුරකතන දෙකෙහිම දැකිය හැකියි.
මෙහි Android 9 Pie මත පදනම් වූ EMUI 9 මගින් උසස් අත්දැකීමක් භාවිතා කරන්නාට ලබා දේ.පහසුවෙන් unlock කිරීම සදහා දුරකතන දෙකෙහිම in screen fingure print scanner ක් දැකිය හැකි අතර ඒ සදහා optical sensor ක් භාවිතා කර ඇත.P30 Pro දුරකතනය IP68 ජල හා දුහුවිලි ආරක්ශන සහතිකයකින්ද P30 දුරකතනය IP53 වලින්ද යුක්තවේ.තවද P30 හි 3.5mm headphone jack එකක් දැකිය හැකි වුවද P30 Pro හි ඒ වෙනුවට දැකිය හැක්කේ USB type-C port එකක් වේ.P30 දුරකතනය 3650mAh බැටරි ධාරිතාවයකින් යුක්තවන අතර 25W ක්ෂමතාවයකින් fast charging සදහා පහසුකම් සපයයි.නමුත් P30 නොමැති wireless charging පහසුකම P30 Pro හි දැකියහැකි අතර එක් දුරකතනයකින් තවත් දුරකතනයක් charge කලහැකි reverse charging පහසුකමින්ද යුක්තවෙනවා.තවදp30 Pro , 4200mAh බැටරි ධරිතවයකින් සමන්විත වන අතර 40W ක්ෂමතාවකින් fast charging සදහා පහසුකම් සපයනු ලබනවා.
Comments
Post a Comment