MAC Address ගැන සම්පූර්ණ සටහන.
MAC(Media Access Control)
👇👇👇👇👇👇👇👇👇👇👇👇
MAC ලිපිනය(Address ) උපාංග වල දෘඩාංග හදුනාගැනීම සදහා ඇති අංක ලෙස සරලව හැදින්විය හැකිය.පොදුවේ ගත් කල Wi-Fi card , Bluetooth card හෝ Ethernet card වැනි ජාල අතුරු මුහුනත් කාඩ්පත්(Network Interface Card ) NIC නිශ්පාදයේදී නිශ්පාදකයා විසින් ඇතුලත් කරන ලද MAC ලිපිනයක් ඇත. Dell, Nortell,Belkin හා Cisco යනු ප්‍රකට NIC නිශ්පාදනය කරන සමාගම් වේ.
MAC Address වල ඉතිහාසය..
Xerox park නම් පර්‍යේශකයන් කණ්ඩායමක් විසින් MAC Address සංකල්පය හදුන්වා දී ඇත. උපාංගයක Hardware -Address , physical-address , වැනි නම් වලින් හදුන්වන්නේද MAC Address එකයි. MAC Address එක Burned-in-address (BIA) ආකාරයේ එකකි. එනම් එය NIC එකෙහි ROM එකට නැවත software මගින් වෙනස් කල නොහැකි ලෙස ඇතුලත් කර ඇත.
ලක්ෂණ.
MAC ලිපිනය උපාංගයෙන් උපාංගයට unique වේ.එනම් උපාංගයක ඇති MAC ලිපිනයක් තවත් උපාංගයක ඇති MAC ලිපිනයෙන් වෙනස් වේ. ජාලයක් තුල ඇති උපාංග හදුනා ගැනීමට මෙය වැදගත් වේ. MAC ලිපිනයක් 6 byte(48 bit) අගයක් ගනී . IEEE 802 ප්‍රමිතිය අනුව මෙම ලිපිනය අකෘති 3 කින් සමන්විත වේ.
01. 45-61-A2-CE-12-BD ලෙස (-) කින් වෙන් වූ ඉලක්කම් දෙකේ හෙක්සාඩෙසිමල් අගයන් සහිත කොටස් 6 කින් සමන්විත වේ.
02. ඉහත පරිදිම (:) කින් වෙන් වූ MAC ලිපිනය 45:61:A2:CE:12:BD
03. ADFE.1234.5678 වනි . කින් වෙන් කර ලියන ලද කොටස් 3 කින් සමන්විත වන ලිපිනයක් ද වේ.
ඉහත අකෘති වලට අනුව MAC ලිපින් 2^48 (ට්‍රිලියන 281) පමන mac ලිපින ලබාගත හැක.
MAC ලිපිනයේ වම් පස bit 24 OUI (Organizing Unique Identifier) Number ලෙස හැදින්වේ. මෙය Internet Assigned Number Authority (IANA) විසින් හදුන්වා දී ඇත.
දකුනු පස Bit 24, Network Interface Controller Specific(NICS ) ලෙස හැදින්වේ. එය පරිඝනක ජාලයක් හරහා කේබල් භාවිතාවෙන් මෙන්ම රැහැන් රහිතව ද තොරතුරු හුවමාරුව සදහා යොදා ගැනේ.
වැඩි විස්තර සදහා https://www.geeksforgeeks.org/mac-full-form/?ref=leftbar-rightbar අඩවිය භාවිත කරන්න
Written by- Oshan Malith
oshanmunasingha21@gmail.com
Comments
Post a Comment