SmartWatch වෙළදපලට පිවිසෙන OnePlus
Smart ජංගම දුරකථන පමණක් නිපදවමින් සිටි OnePlus සමාගම මේවන විට smart phones වලට අමතරව රූපවාහිනී , OnePlus ear buds ආදී උපාංග නිපදවමින් වෙළෙඳපළේ ඉදිරියට එන චීන සමාගමකි.
නවතම ආරංචි වලට අනුව OnePlus සමාගම එයින් නොනැවතී OnePlus Watch නමින් SmartWatch එකක් නිකුත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබේ.
මේ SmartWatch පිලිබද වාර්තා වී ඇති තොරතුරු වලට අනුව මෙහි අත්හදා බැලීම් 2020 මුල සිටම සිදු කර ඇත. වාර්තා වන අකාරයට මෙහි Snapdragon wear 4100 soc එකක් අඩංගු වනු ඇත.
OnePlus සමාගම අනුබද්ධ වන අනෙක් සමාගම් දෙක. එනම් Vivo හා Oppo සමාගම් ද තමන්ගේ SmartWatch අත්හදා බලමින් සිටී. Oppo සමාගම දැනටමත් SmartWatch වෙලදපලට නිකුත් කරමින් සිටී.
ඉදිරියේදී නිකුත් වීමට නියමිත OnePlus 8T සමග OnePlus Watch නිකුත්කරන බවටද වාර්තා වී ඇත.
නමුත් මෙම SmartWatch පිලිබද තවමත් පැහැදිලි විස්තරයක් නිකුත් වී නැත. ඉදිරියේදී මේ පිලිබද වැඩිදුර තොරතුරු ලිපියකින් බලාපොරොත්තු වන්න.
Source- XDA-Developer / engadget
Like us Our Page - සිංහTech
Author- Oshan Malith
Comments
Post a Comment