Hibernate vs Sleep
Hibernate හා Sleep mode යනු පරිගණක භාවිතා කරන ඔබ දැනටමත් දන්නා/භාවිතා කරන යෙදවුම් දෙකකි. එනම් මෙම options දෙක භාවිතා කරන්නේ පරිගණකය සුලු කාලයකට භාවිතා නොකරන විට, shutdown යෙදවුම භාවිතා නොකර ඒ වෙනුවට භාවිතා කරන යෙදවුම් දෙකක් ලෙසයි. එමගින් shutdown කිරීමකට වඩා වේගයෙන් පරිගණකය on කරගත හැකි වනු ඇත. මෙම ලිපියෙන් sleep හා hibernate option වල වෙනස් කම් පැහැදිලි කර ඇත.
සරලව ගත් විට Hibernate මගින් වන්නේ පරිගණකයේ ඇති ක්රියාකාරී දත්ත Hard Disk Drive තැන්පත් කර පරිගනකය power off වේ.
Sleep Mode මගින් පරිගණකයේ ඇති ක්රියාකාරී වැඩසටහන් සියල්ල close කර එහි දත්ත Ram එක තුල ගබඩා කරයි. උපාංග අඩු විදුලි බලයක් යටතේ ක්රියාත්මක වේ.
වෙනස්කම්.
✔. Hibernate mode මගින් විදුලි බලය භාවිතා නොවේ. එහෙත් Sleep mode මගින් අඩු බලශක්තියක් භාවිතා කරයි.
✔. Hibernate mode යොදා ඇති පරිගණකයක් shutdown මට්ටමේ අති විටට වඩා වේගයෙන් on වුවද Sleep mode හි ඇති පරිගණකයකට වඩා වැඩි වේලාවක් ගත වේ.
✔. Hibernate mode ක්රියාත්මක කරන්නේ පරිගණකය පැය 5-6 කට භාවිතා නොකරන විටදිය. Sleep mode ක්රියාත්මක කරවන්නේ පරිගණකය පැය 1-2 කට භාවිතා නොකරන විටදිය.
✔. Hibernate mode Linux තුලදී Suspend යන නමින් හා mac තුලදී safe sleep යන නමින් හදුන්වයි. Sleep mode එක Linux තුලදී Suspend-to-RAM (STR) නමින් හදුන්වයි.
සමස්තයක් ලෙස ගත් කල මේ ක්රම දෙකම භාවිතා වන්නේ පරිගනකය බලශක්තිය ඉතිරි කරමින් කාර්යක්ෂම ලෙස පරිගණකය නැවත් on කර ගැනීමටයි.
තොරතුරු - educba.com
Follow Us on- සිංහ TECH
Author- Oshan Malith
Comments
Post a Comment