ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයෙන් Custom Emoji සාදාගන්නා ආකාරය.


Smart දුරකථන වලට පැමිණන යෙදවුම් අතර නවතම යෙදවුමක් ලෙස මෙම නව custom emoji යෙදවුම හැදින්විය හැකිය. මෙහි ඇති විශේශත්වය නම් මෙමගින් emoji දෙකක එකතුවෙන් තනි emoji එකක් සහිත stickers නිර්මාණය කරගත හැකි වීමයි.




මෙය beta මට්ටමේ පවතින යෙදුමක් නිසා දැනට WhatsApp හා Facebook ඔස්සේ පමනක් භාවිතා කල හැකිය. IOS දුරකථන සදහා වූ සංස්කරනය දැනට නිකුත් වී නැත. මෙය භාවිතා කිරීමට හැකි වන්නේ Google Gboard හරහා ය.


ඒ සදහා මුලින්ම Play Store එක වෙත පිවිස Gboard App එක වෙත යොමුවිය යුතුය. ඉන් පසු එහි ඇති Join Beta නම් option එක තෝරා Gboard app එක update කල යුතුය.පසුව Gboard keyboard එක open කර එහි ඇති emoji icon එකට ගොස් කැමති ඉමෝජියක් තෝරාදුන් පසු එයට අදාලව සකස් වූ අනෙක් emojis බලාගත හැක. මේ සදහා අන්තරජාල සබදතාවය තිබිය යුතුය.

කෙසේ වෙතත් මෙමගින් භාවිතා කරන්නා හට custom emojis විශාල ප්‍රමාණයක් භාවිතයට අවස්ථාව ලැබෙනු ඇත. නමුත් දැනට මෙය facebook හා WhatsApp වලට පමනක් ක්‍රියාකරයි. මෙය Instagram, හා අනෙක් text editor සමග ක්‍රියාත්මක කල විට නව පහසුකම අක්‍රිය වී පැවතුනි. නමුත් ඉදිරියේදී මෙම යෙදුම තවදුරටත් වර්ධනය වී මෙහි ස්ථාවර සංස්කරණයක් පැමිණෙනු ඇත. ඒ පිලිබද වැඩි විස්තර හා අනෙකුත් අලුත් technology පිලිබද updates ලබාගැනීමට අපගේ facebook.com/sinhatechs පිටුවට like කර රැදී සිටින්න.





Comments