Ransomware වලින් බේරෙන්නෙ මෙහෙමයි

පරිගනකයකට ආසාදනය වීමෙන් පසුව සියලු දත්ත encrypt කිරිමකට ලක්කර එම දත්ත නැවත ලබාගැනීමට අවශ්‍යය  decrypt key එක යම් මුදලක් ගෙවීමෙන් පසුව පමණක් ලබාදීම, ransomware ප්‍රහාරයක් ලෙස සරලව හදුන්වන්න පුලුවන්.මෙහිදී මුදල් ගෙවීම cryptocurrency(බොහෝ විට bitcoins) වලින් සිදු කලයුතු බැවින් අදාල cyber අපරාධකරුවන් හදුනා ගැනීම බෙහෙවින් අපහසුයි.



2017 වසරේ මැයි මාසයේ දී පැතිර ගිය WannCry ransomware  එක හේතුවෙන් දින 4 ක් ඇතුලත රටවල් 160 පරිගනක 250 000 පමණ බිදවැටීමත් සමග ලොවපුරා ransomware පිලිබද විශාල කතාබහක් ඇතිවුනා.බොහෝමයක් ransomware විශාල රාජ්‍යය හා පෞද්ගලික ආයතන ඉලක්ක කරනු ලැබුවද අද වන විට නීත්‍යානුකූල නොවන games හා software පිටපත්(piracy copies)  හරහා සාමාන්‍යය පුද්ගල පරිගනකද ransomware ප්‍රහාරයන්ට ලක්වූ සිද්ධින් සුලබව අසන්න ලැබෙනව.

මෙම ransomware පරිගනකයකට ඇතුල්වීමට විවිධ උපක්‍රම යොදාගනු ලබනව.Email attachment එකක් හෝ software crack හරහා තමයි බහුල පැතිරෙන්නෙ.මීට අමතරව මෙහෙයුම් පද්ධතියේ පවතින ඇතැම් දෝෂද(exploits) මෙයට හේතුවෙනව.එයට හොදම උදාහරණය WannCry ransomware එක.සෑම premium antivirus program එකකම වගේ ransomware protection tools දැකගන්න පුලුවන්.නමුත් බොහොමයක් free antivirus program වල මෙම පහසුකම නොමැති අතර පැවතියද ඒවා එතරම් හොද මට්ටමක නැහැ.මීට හොදම පිලියමක් තමයි antivirus program එකෙන් පරිභාහිරව ransomware protection software එක්ක භාවිතා කිරීම.එවැනි සුපිරි tool එකක් පිලිබදවයි මේ ලිපියෙන් තොරතුරු ගේන්නෙ.


Acronis Ransomware Protection නමින් හදුන්වන, Acronis සමාගම විසින් develop කරනු ලබන මෙය නොමිලේ අන්තර්ජාලයෙන් download කරගන්න පුලුවන්.


                           Download කර install කිරීමෙන් පසුව Acronic account එකක් සාදාගත යුතුයි(1 රූපය ).මෙහිදී ඔබට free 5GB Cloud Storage Space හිමි වන අතර අවශ්‍යය නම් මුදල් ගෙවා එකී space එක expand කරගන්න පුලුවන්.ඉන්පසු ප්‍රදාන Acronic window  එකට පිවිසෙන්න පුලුවන්(2 රූපය ).මෙහි Safe Process number එක මගින් දැනට ආරක්ශිත process නිරූපනය කරනු ලබන අතර Monitored Process number එක මගින් සැකසහිත behaviors වලින් යුත් process නිරූපනය කරනු ලබනව.

1 රූපය



2 රූපය
Manage Processes මත click කිරීමෙන් මෙම Monitored Process මොනවාද යන්න දැකගන්න පුලුවන්(3 රූපය ).මේවායින් බොහෝමයක් ransomware නොවුනද ආනාරක්ෂිත යයි හැගෙන වැඩසටහනක් වේ නම් පහසුවෙන් block කර දමන්න පුලුවන්.

(3 රූපය )
මෙමගින් ransomware එකක් හදුනා ගනු ලැබුව හොත් ක්ෂනිකව block කර notification එකක් දර්ශනය කරනු ලබනවා.මෙමගින් එම program එක සම්පූර්ණයෙන්ම block කර දැමීම සිදුකල හැකියි(4 රූපය ).

(4 රූපය )

එමෙන්ම යම් හෙයකින් ransomware එක හේතුවෙන් කිසියම් file එකක් encrypt වී ඇතිනම් පහසුවෙන් හා ක්ෂණිකව එය recovery කරගැනීමට ද හැකිවෙනවා.(5 රුපය )


(5 රූපය )




Acronis Ransomware Protection මගින් ඔබගේ පරිගනකය ransomware වලින් ගොඩක් දුරට ආරක්ෂාකරගත හැකිවෙනවා.එසේ වුවද cyber අපරාධකරැවන් විසින් malware පැතිරවීමට දිනෙන් දින අලුත් අලුත් උපක්‍රම සොයාගනු ලබනවා.මේ හේතුවෙන් malware වලින් බේරී සිටීමට malware protection tool එකක් පමණක් ප්‍රමාණවත් නැහැ.අනාරක්ෂිත email attachments open කිරීමෙන් වැලකීම,විශ්වාසනීය වෙබ් අඩවි වලින් පමණක් games හා software download කිරීම,නිරන්තරයෙන් මෙහෙයුම් පද්ධතිය, device drivers හා antivirus වැඩසටහන් update කිරීම මෙන්ම අත්‍යාවශ්‍යය දත්ත back up කර තබා ගැනීම සියලුම cyber තර්ජන වලින් බේරීසිටීමට හේතුවෙනවා.


Comments