40% වැඩිපුර වේගවත් Wi-Fi 6
Wi-fi ජාලයකදී (Network ) දත්ත හුවමාරු කරන්නේ IEEE (Institute of Electrical and Electronic Engineering ) ප්‍රමිතීන්ට අනුව වේ. එම ප්‍රමිතීන්ට අනුව සකසා ඇති 802.11 යන ජාල ප්‍රමිතිය (Network standards ) මෙහිදී යොදා ගැනේ. 1999 සිට මේ දක්වා දැනට wi-fi සංස්කරණ 5 ක් ඉදිරිපත් කර තිබේ. ඒවානම් 802.11b , 802.11a , 802.11g , 802.11n , 802.11ac යන ඒවා වේ. 6 වන සංස්කරණය 802.11ax නිකුත් වීමට නියමිතව පවතී.
theoretical Speed of wi-fi
802.11b - 11Mbps(2.4ghz)
802.11a - 54Mbps(2.4ghz)
802.11g - 54Mbps(5ghz)
802.11n - 300Mbps(2.4-5ghz)
802.11ac - 433Mbps(2.4-5ghz)
802.11ax - 10Gbps
"Wi-Fi - Wireless Fidelits"
Wi-Fi 6 විශේෂතා
📌️ මෙහිදී කලින් භාවිතා වූ Wi-Fi සංස්කරණ වලට වඩා වැඩි වේගයක්(10Gbps දක්වා), වැඩි කාර්‍යක්ෂමතාවක් හා බැටරි බලය ඉතිරි කිරීමක් මෙම සංස්කරණයෙන් ලබාගත හැක.
📌️වැඩි දියුණු කරනු ලැබූ MU-MIMO(Multiple User, Multiple Input, Multiple Output) තාක්ෂණය නිසා උපාංග 8ක් සමග එකවර සන්නිවේදන සම්බන්දතා පැවැත් විය හැක.
📌️තවද Wi-Fi 6 හිදී OFDMA(Orthogonal Frequency Division Multiple Access) නම් තාක්ෂණය භාවිතා කරන නිසා උපාංග ගණනාවකට අවශ්‍යය කරන දත්ත තනි transmission එකකින් සන්නිවේදනය කල හැක.
📌️මෙය 5.925-7.125 (6 GHz) වල ක්‍රියා කරනු ලබන අතර 1200MHz spectrum එකකින් සමන්විත නිසා එක්වර උපාංග විශාල සංඛ්‍යාවක් සමග සම්භන්ද විය හැකි බැවින් දැනට දියුණු වෙමින් පවතින 5G තාක්ෂණය සමග කදිමෙට ගැලපෙනු ඇත..
📌️ඉක්මනින් උපාංග හදුනා ගැනීමට wi-fi 6 හරහා හැකියාවක් ලැබෙයි. එමගින් wi-fi antenna ක්‍රියාත්මක වන කාලය අඩු නිසා බැටරි 🔋 බලය ඉතුරු වේ.
මෙම නව විශේශතා සහිත wi-fi සංස්කරණය ඉදිරියේදී නිකුත්කරන wi-fi භාවිතා කල හැකි උපාංග සමග නිකුත් වනු ඇත.
Like US in Facebook/sinhatechs


Comments
Post a Comment