Samsung Galaxy Note 10 දුරකතන 2 ක් ???
Samsung සමාගම අද දින Samsung Galaxy Unpacked 2019 හිදී නවතම products කිහිපයක්ම නිකුත් කරනු ලැබුවා.ඒවා අතර Note දුරකතන ප්‍රධාන තැනක් ගත්තා.ප්‍රථම වරට Samsung සමාගම Note 10 හා Note 10+ ලෙසෙ Note series එකෙහි දුරකතන 2 ක්ම හදුන්වා දෙනු ලැබුවා.ඒ පිලිබදවයි මේ ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නෙ.
Display එක
Note 10 සදහා අගල් 6.3 ක් හා 1080 X 2280 ක resolution එකකින් යුත් FullHD AMOLED display එකක් ද Note 10+ සදහා අගල් 6.8ක් හා 1440 X 3040 resolution එකකින් යුත් QuardHD AMOLED display වලින් යුක්ත වෙනවා.දුරකතන 2 හිම දෙපස display එක වක්රාකාර(Curved) වන පරිදි නිපදවා තිබෙනවා.මේවා infinity-O ආකෘතියට නිපදවා ඇති අතර එහි 10MP selfie කැමරාවක් අඩංගු වෙනවා.
දකුණු පස දාරයෙහ කිසිදු physical button එකක් එක්කර නොමැති අතරම power button එක හා volume rockers වම් පස දාරයට එක්කර තිබෙනවා.මෙවර bixby සදහා වෙනමම button එකක් නොමැති අතර power button එක මද වේලාවක් press කිරීමෙන් bixby activate කරගන්න පුලුවන්.දුරකතන power off කිරීමට නම් notification panel එකට ඉහලින් පිහිටි power off icon එක tap කල යුතු වෙනවා.එමෙන්ම Under Display figure print sensor එකක්ද එක්කර තිබෙනු දකින්න පුලුවන්.
විශේෂාංග
මෙම දුරකතන 2 ම ඇමරිකාව හා චීනය සදහා Snapdragon 855 chipset එකෙන් ද අනෙකුත් සියලු රටවල් සදහා Samsung සමාගමේ නවතම Exynos 9825 chipset එකෙන්ද නිකුත් කරනු ලබනවා.S10 සදහා බාවිතා කර තිබෙන්නේ 8nm process එකෙන් යුත් Exynos 9820 chipset එකයි.කෙසෙ වෙතත් Exynos 9825 සදහා 7nm process එක හා නිෂ්පාදනය සදහා නවතම EUV(Extream Ultra Violet) තාක්ෂණය යොදා ගෙන ඇති බැවින් එය ඉහල කාර්යක්ෂමතාවකින් හා ඉහල performance එකෙකින් ක්‍රියා කරනු ඇතැයි samsung අපේක්ෂා කරනවා.එසේ වුවද Exynos 9825 හි 4G modem එකක් පමණක් අඩංගු නිසා Note 10+ 5G edition එක සදහා samsung සමාගම මෑතකදී නිපදවූ 5G modem එක chipset එකට පරිභාහිරව එක් කරනු ඇති.
Note 10 සදහා 8GB RAM මතකයක් ද 256GB internal storage එකක් ද එක්කර තිබෙනවා.Note 10+ වලදී 8-12GB දක්වා RAM මතකය ද 256-512GB දක්වා internal storage එකකින් ද තෝරාගත හැකි වෙනවා.එමෙන්ම එකී internal storage නිපදවීම සදහා යොදාගෙන ඇත්තේ UFS(Universal Flat Storage) 3.0 තාක්ෂණයයි.Note 10+ සදහා පමණක් micro SD බාවිතයෙන් 1TB දක්වා expandable storage එක්කල හැකි වුව ද Note 10 වල දී storage expand කිරීමක් නොකල හැකි වීම විශේෂත්වයක්.
Noe 10 හා 10+ දුරකතම දෙකෙහිම ඉදිරිපස හා පිටුපස coring gorilla glass වලින් නිපදවා ඇති අතරම frame එක වානේ වලින් නිපදවා තිබෙනවා.එමෙන්ම IP68 ආරක්ෂණ සහතිකයෙන් ද යුක්ත වෙනවා.දුරකතන 2න්ම 3.5mm headphone jack එක ඉවත් කර තිබීම කැපී පෙනෙනවා.Earbuds USB-C වලින් යුතුවන අතර අවශ්‍යයනම් වෙනමම type-C to A dongle මිල දී ගත යුතු වෙනවා.
Note 10+ ,4300mAh ධාරිතාවයකින් යුත් battery කින්ද Note 10 දුරකතන 3400mAh battery කින්ද සමන්විතයි.විශේෂත්වය වන්නේ එය 45W fast charging සදහා support කිරීමයි.Blue,Aura Glow, Aura White, Aura Black යන වර්ණවලින් වෙලදපොලට නිකුත් වන මෙම දුරකතන Rs.150 000-220 000 පමණ මිලකින් යුතු වනු ඇති.
කැමරා පද්ධතිය
දුරකතන 2ම ප්‍රධාන කැමරා 3 කින් යුත් කැමරා පද්ධතියකින් සමන්විත වෙනවා.f/1.5-f/2.4 දකවා වෙනස්වන විචල්‍යය කාච විවරයකින් යුත් 12MP ප්‍රධාන කැමරාවකින් ද දෙගුණයක විශාලන බලයකින්(2X Zoom) යුත් telephoto lense එකකින් ද 16MP ultra-wideangle lense එකකින් ද එම පද්ධතිය සන්නද්ධ වෙනවා.මීට අමතරව Noe 10+ හි depth sensing සදහා TOF(Time OF Flight) 3D කැමරාවක් ද එක්කර තිබෙනවා.
මෙම කැමරා පද්ධතිය මගින් video record කිරීමේදී OIS(Optical Image Stabilization) හා Gyroscope sensor දත්ත මගින් ගැස්සීම් අඩු සුමට footage එකක් ලබාගත හැකි වෙනවා.එමෙන්ම නවතම Zoom-in mic feature එක මගින් scene එකක් zoom කර video කිරීමේදී එසේ කරනු ලබන පරාසයේ sounds වැඩි වශයෙන් ග්රහනය කරගනු ලබනවා.මේ හේතුවෙන් පරිගණකය පාවිචියකින් තොරවම දුරකතනය මගින් පමණක් ඉහල මට්ටමේ video content නිර්මාණය කරගත හැකියි.
S-Pen වැඩ කිඩ
මෙවර S-pen සදහා නවතම features රැසක් එක්කර තිබෙනවා.මෙහිදී s-pen හරහා ලියනු ලබන hand writings එවෙලේම text එකක් බවට පත්කරනු ලබනවා.එවිට පසුව පහසුවෙන් search bar එකෙහි search කිරීමෙන් අදාල hand-writing notes ලෙහෙසියෙන්ම ලබාගත හැකියි.
මීට අමතරව S-pen එක චලනයෙන් photo capture,zoom-in/out,swapping කිරීම වැනි කාර්යයන් පහසුවෙන් සිදු කරන්න පුලුවන්.එමෙන්ම AR Doodle පහසුකම මගින් කැමරාව ඉදිරියේ ඇති වස්තූන් සදහා s-pen එක මගින් විවිධ දේ ඇදිය හැකි අතර අදාල වස්තූන් චාලනය වන විට එම drawings ද ඊට අනුරූපව චලනය වේ.
Comments
Post a Comment