Instagram Stories සදහා Group Chat Sticker එකක් හදුන්වාදෙයි.
Instagram යනු මේ වනවිට බොහෝ දෙනා වැඩිපුර භාවිතා කරන social media වැඩසටහනකි. මෙහි spam ආදී අනවශ්‍ය content නොමති නිසා භාවිතා කරන්නාට පහසුවෙන් තමන් කැමති දේවල් පමනක් දැකගත හැක. තවද link share කල නොහැකි නිසා අනවශ්‍යය web site වලට redirect නොවේ. (Sponserd වෙලදදැන්වීම් හැර). පසුගිය දින කදී instagram stories facebook හි share කිරීමට හැකි option එකක් හදුන්වාදෙනලදි. ඒ ගැන post එකක් පෙරදී අප facebook පිටුවේ පලකරන ලදි >>Read>> මෙම ලිපියෙන් instagram group chat sticker ගැන විස්තර අඩංගු වේ.
Instagram වල stories සදහා බොහෝ sticker ප්‍රමානයක් ඇත. ඒවා අපට අවශ්‍ය පරිදි භාවිතා කල හැක. අලුතෙන් හදුන්වා දුන් group chat sticker එක හරහා stories නරඹන්නාට group chat එකක් සදහා request කල හැක. එසේ request කල පසු story එක යොමුකල පුද්ගලයාට තමන්ට අවශ්‍ය අය තෝරාගෙන group chat ආරම්භ කල හැක. Instagram සමාගම පවසන පරිදි group chat එක අතරතුර ඕනෑම කෙනෙකුට එයින් ඉවත් විය හැක.
කෙසේවෙතත් මෙම පහසුකම මගින් ලගම මිතුරන් අතර අදහස් හුවමාරු කල හැකි වුවත්. වැඩි follwers ලා ප්‍රමානයක් සිටින ලොකු fanbase එකක් ඇති අය යොමු කරන group chat වලට සම්බ්න්දවී chat කිරීම තරමක් පැටලිලි සහගතය. නමුත් යම් ගැටලුවක් පිලිබද සාකච්ඡා කිරීමට හොද මාර්ගයක් වේ. බොහෝ platform වෙලදදැන්වීම් අඩංගු කල හැකි options ඉදිරිපත් කරන කාලයක. මේ අකාරයේ සමාජ සම්බන්දතා පවත්වා ගැනීමට උපකාරී වන option ඉදිරිපත් කිරීම අගය කල යුතුය. මේ ගැන වැඩි විස්තර දැන ගැනීමට පහත link භාවිතා කරන්න
The Verge
Techcrunch
මෙවැනි නවතම Technews , Technology සම්බන්ධව දැනගැනීමට අපගේ facebook පිටුවට like කර සම්බන්ධ වෙන්න.
Comments
Post a Comment