USB මාරයා (USB Killers)

අද බොහෝ දෙනා බහුලවම දත්ත හුවමාරු කර ගැනීම සදහාත් දත්ත storage  කර තබා ගැනීම සදහාත් USB sticks හෙවත් Pen drives බාවිතා කිරීම සුලබ දෙයක්.මෙමගින් බොහෝ ප්‍රයෝජන ලබා ගත හැකි වුවද උපාංග අතර malware පැතිරීයාමටද හේතුවක් වෙනව.කෙසේ වෙතත් මෙසේ පැතිරෙන බොහෝ malware වලින් සිදුවන හානිය software මට්ටමින් විසදා ගත හැකිවෙනව.නමුත් Pen drive එකකට ඔබගේ සම්පූණ පරිගනක පද්ධතියම විනාශ කර දැමිය හැකි බව ඔබ දැන සිටියාද



USB Killer එකක් යනු කුමක් ද


USB killer එකක් යනු USB port එක හරහා පරිගනකයකට හෝ වෙනත් device එකකට සම්භන්ද කිරීමෙන් ඉන් නිපදවන අධික ධාරාව නිසා එම පද්ධතිය සම්පූර්ණයෙන්ම බිදදැමිය හැකි විශේෂයෙන්ම සැකසූ USB stick එකක්.මෙහි කිසිදු malware එකක් අඩංගු නොවන අතර සියල්ල සිදුවන්නේ high voltage inverter පරිපථයක් මගින්.

දැනට ලෝකයේ පවතින USB තාක්ෂනය කරන උපාංග 95% කටත් වඩා USB killer භාවිතයෙන් විනාශ කල හැකිබව බොහෝ cyber security විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.ඔබට මේ සම්බන්දන් ප්‍රමාණවත් දැනුමක් පවතීනම් ඉතා අඩු මුදලකට USB killer එකක් නිපදවා ගත හැකිවෙනවා.එමෙන්ම අන්තර්ජාලයේ https://usbkill.com/ වැනි වෙබ් අඩවි වලින්ද මේවා මිලදී ගත හැකි වෙනවා.

USB Killer එකක ක්‍රියාකාරීත්වය


මෙහිදී USB killer එකක බාහිර පෙනුම සාමාන්‍යය USB stick එකකට බෙහෙවින් සමානයි.වෙනස ඇත්තේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වයෙයි.USB killer එකක් තුල එකිනෙකට සම්භන්ද කරනු ලැබූ Capacitors කිහිපයක් දැක ගන්න පුලුවන්.එමගින් තමයි විශාල විනාශයක් කිරීමට අවශ්‍යය ඉහල වෝල්ටීයතාවයක් ලබා දීමට යොදාගනු ලබන high voltage inverter එක සැකසී තිබෙන්නෙ.



USB type-c හැරුනු විට අනෙක් බොහොමයක් USB types support කරනු ලබන්නේ 5V තරම් output voltage එකක් හා 0.5A තරම් output current එකක් සදහායි.USB killer එක පරිගණකයකට හෝ වෙනත් device එකකට සම්බන්ද කල විට මුලින්ම සිදුවන්නෙ USB port එකෙන් ලබා දෙන 5V output voltage එක යොදාගනිමින් inverter එක හරහා 200V තරම් ඉහල අගයක් දකවා Capacitors ආරෝපණය වීමයි.ඉන්පසු මෙම voltage එක -200V හෝ -240V තරම් අගයක් දක්වා ක්ෂනිකව අඩු කරනු ලබනවා.එවිට ඇතිවන අධික ධාරාව නිසා USB interface එක හා බොහෝවිට motherboard එකෙහි උපාංගද විනාශ වීමට ඇති ඉඩකඩ බොහොමයි.

USB Killer එකකින් ආරක්ෂාවීමට


සාමාන්‍යය USB stick එකක් හා USB killer එකක් අතර වෙනස බාහිර පෙනුමෙන් හදුනාගැනීම නම් බෙහෙවින් අපහසු දෙයක්.මේ සදහා අභ්‍යන්තරය ගැන අවදානය යොමු කල යුතු වෙනවා.USB killer එකක output wire එකක් නොමැති අතර එකට සම්භන්ද කරන ලද Capacitors කිහිපයක් දකින්න පුලුවන්.

USB killer එකක හානිය වලක්වා ගැනීමට නම් ඔබට USB cap driver එකක් භාවිතා කල හැකියි.එමගින් ඔබගේ USB interface එකට අධික ධාරාවන් මගින් ඇතිවන හානිය වලක්වා ගන්න පුලුවන්.එමෙන්ම ඔබට මේ සම්භන්දයෙන් සැලකිය යුතු දැනුමක් ඇත්නම් varistor එකක් හෝ optocoupler එකක් භාවිතයෙන් පහසුවෙන් USB killers සදහා ආරක්ෂිත පරිපථයක් තනා ගන්න පුලුවන්.Apple සමාගම MAC හා iPhone සදහා මෙම optocoupler වලින් සමන්විත USB ආරක්ෂණ පරිපථ භාවිතා කිරීම නිසා මෙවැනි USB killer එකකින් එම උපාංග වලට විශාල බලපෑමක් සිදුකල නොහැකි වෙනවා.

කෙසේ වෙතත් සෑම විටම අනාරක්ෂිත Pen drive ඔබගේ පරිගනකයට හෝ පරිගනක ජාලයට සම්බන්ද කිරීමට පෙර දෙවරක් සිතීම නම් නුවණට හුරු දෙයක්.

Comments