ඔබේ smartphone එකෙහි sensors ඔබව track කිරීමට භාවිතා කළ හැකිද

ගෝලීයකරනයේ බලපෑමට මුලු ලොවම නතුවී තිබෙන අවධියක පුද්ගල පරිශීලක දත්ත සදහා පවතින ඉල්ලුම ඉතා විශාලයි.Facebook,Google,Twitter වැනි බොහෝ සමාගම් නීත්‍යානුකූක හෝ නීතිවිරෝධී ලෙස පුද්ගල පරිශීලක දත්ත ලබා ගැනීම සිදුකරනු ලබන්නේ මේ නිසාවෙන්.මෙසේ එක්කර ගනු ලබන දත්ත නිවැරදි ආකාරයට විශ්ලේෂණය කිරීමෙන් ඔබගේ සියලු රුචි අරුචි කම්,හැසිරීම් ඇතුලු ඉතා සංවේදී දත්ත අඩංගු ඔබටම ආවේනික වූ profile එකක් සාදා ගැනීම ඉතා පහසු දෙයක්.බොහෝ සමාගම් මේ සදහා ඔබගේ online account යොදා ගත්ත ද computer එක හෝ smartphone එකෙහි අඩංගු sensors මගින් ඔබගේ අනුදැනුමකින් තොරව පහසුවෙන්  ඔබව track කල හැකි බව දැන සිටියා ද



මෙහිදී ඔබ සතු computing device වල දත්ත එකතු කිරීමට advertisers ලා විසින් භාවිතා කරන ජනප්‍රියම උපක්‍රමයක් තමයි 'device fingerprinting' කියන්නෙ.මෙහිදී ඔබ සතු උපාංග profile කිරීමට ඔවුන් විසින් ඒවායේ MAC address හා IMEI numbers පවා යොදා ගනු ලබනවා.

GPS, accelerometers,gyroscopes,magnetometer, microphones, camera, barometers, ambient light sensors, proximity sensors වැනි sensors රාශියක් budget range එකෙහි smartphones වල පවා අඩංගු වෙනවා.සාමාන්‍යයෙන් බොහෝ දුරකතන වලට sensors එක්කල පමනින් ඒවායින් නිරවද්‍යය දත්ත ලබා දෙන්නේ නැහැ.මේ සදහා එම sensors වෙන වෙනම ක්‍රමාංකනය(Calibrate) කලයුතු වෙනවා.කෙසේ වෙතත් බොහෝ සමාගම් මේ සදහා බාහිර පාර්ශවයන්ගේ සහය ලබා ගනු ලබනවා.නමුත් මෙය බෙහෙවින් අවදානම් සහගත වන්නේ යම් අයෙක් මෙම ක්‍රමාංකිත අගය නිවැරදිව දන්නේ නම් අදාල sensors මගින් ලබාදෙන දත්ත capture කිරීම එතරම් අපහසු දෙයක් නොවේ.




කෙසේ වෙතත් Apple සමාගම විසින් බොහෝ අවස්තවලදී මෙම sensors දෝෂ පිලිබද සිය පාරිභෝගිකයන් දැනුවත් කල අතරම iOS 12.2 සමග ලබාදුන් security patches මගින් මෙයට විසදුම් ලබා දී තිබෙනවා.එසේ වුවද බොහෝ Android උපාංග ඒවායේ sensors calibarate කිරීමට සම්මත ක්‍රමයක් භාවිතා නොකිරීමත් ඒ සදහා වෙනත් පාර්ශව වල සහය ලබා ගැනීමත් ගැටලු සහගතයි.

Comments