සැහැල්ලුම මෙහෙයුම් පද්ධතිය Android Go




Android go යනු මූලික මට්ටමේ  (entire level) එනම් අඩු hardware configuration සහිත smartphone සදහා නිර්මානය කරන ලද පද්ධතිකි. මෙය

 1.android go operating system.
 2.google play store.
 3.Go apps යන කොටස් තුනෙන්         සමන්විතය.

Operating system
 Android මෙහෙයුම් පද්ධතිය පදනම් කරගෙන android go නම් මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කර ඇත. මෙය 1GB /512MB ram ඇති දුරකථනයක වුවත් සුමටව ක්‍රියාත්මක වේ. Google සමාගම පවසන පරිදි මේ මෙහෙයුම් පද්ධතියට අනෙක් android මෙහෙයුම් පද්ධති වලට වඩා 50% පමන අඩු ඉඩ ප්‍රමාණයක් ලබාගනී. Android go run වන උපාංග වල ඇත්තේ 8GB හෝ 16GB storage නිසා භාවිත කරන්නාට file store කිරීම සදහා වැඩි ඉඩක් ලැබේ. අනෙක නම් මෙම මෙහෙයුම් පද්ධතිය භාවිතා වන විට සාමාන්‍ය apps open වීමේ වේගය 15%පමන වැඩිවේ. Android Go Edition නිර්මානය සදහා දැනට android oreo හා pie සංස්කරන භාවිතා කරයි.


Go apps

Google සමාගම විසින් android go සදහා නිපදවූ apps go apps ලෙස හැදින්වේ. Google විසින් ඔවුන්ගේ apps 9ක් පමණ මෙලෙස හදුන්වාදී ඇත ඒවානම්

Google go
Youtube go
Maps go
Gmail go
Gboard go
Chrome go
Files go
Google assistent go
වේ


මෙම apps low spec දුරකථන වල සුමටව වේගවත්ව ධාවනය වුවත් . ඒවායේ ප්‍රධාන apps වල ඇති සමහර පහසුකම් මෙහි දක්නට නොලැබේ. සියලුම apps සදහා go edition ඉදිරිපත් කර නැතත් ලොව පුරා සිටින developers ලා මේ වන විටත් මෙම apps වැඩිදියුණු කරන බැවින් එදිනෙදා භාවිතා වන apps වලට ' go edition ' එකක්ද ඉදිරිපත් වනු ඇත. Google play හි go apps ලෙස search කර දැනට ඇති go apps බලා ගත හැක.

Playstore
 Android go සදහා google play store එකෙහිද සුවිශේෂී වෙනස් කම් කිප්පයක් කර ඉදිරිපත් කර ඇත . මෙය සාමාන්‍ය playstore වලට වඩා ram එක භාවිතා කරන නිසා smartphone stuck වීමක් වීමට ඇති ඉඩ අඩුය. තවද මෙමගින් නිතරම තෝරා දෙන්නේ go edition සදහා සහාය දක්වන apps නිසා පරිශීලකයාට පහසු වේ. එමෙන්ම battery බලයද අවම මට්ටමින් භාවිතා කරයි.

GAlaxy A2 Core
වෙලද පොලේ මෙම go edition එක සහිත දුරකථන බොහෝ අඩු මිලකට ලබාගත හැක. (Under Rs 15 000) මේ නිසා මෙහි ගෙවන මුදලට උපරිම වටිනාකමක් ලැබේ. නමුත් මෙම දුරකථනය ගැලපෙන්නේ සාමාන්‍ය වැඩකටයුතු සදහා පමනි.(heavi apps, games භාවිතා කිරීම අපහසුවේ). අඩු මිලකට ඇති නිසා බොහෝදෙනා මේ දුරකථන වලට ආකර්ෂණය වේ. එම නිසා සෑම දුරකථන සමාගමක්ම පාහේ go edition සහිත දුරකථන වෙලදපොලට ඉදිරිපත් කර ඇත. ශ්‍රීලංකාවේ වෙලදපොල තුලද මේවා දැකගතහැක. එම දුරකථන වලට උදාහරණ කීපයක් නම්.

Nokia 2.1
Huawei y5 lite
Samsung galaxy j4 core/j2core
Moto e5
Xiaomi redmi go
BluVivo go

සමස්තයක් ලෙස ගත් කල මෙම දුරකථන සියල්ලේම 1GB ram, 8/16GB Storage, අගල් 5 පමන විශාල තිර 3000mAh හෝ ඊට වඩා වැඩි battery capacity ආදී පහසුකම් ඇත. මිල ගනන්ද 10000 සිට 15000 පමන වේ. මෙයින් සමහර Device වල dual camera, ultra wide display හා fingerprint sensor ද අන්තර්ගතය.  එමෙන්ම මෙම android go edition එක මුල් කරගත් custom rom ද වෙලදපොලට නිකුත් වී ඇත



Comments