නවතම Windows 10 2019 May Update එක නිකුත් වේ
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වසරකට Windows සංස්කරණ 02 ක් නිකුත් කරයි.ඒ අප්‍රේල් හා ඔක්තෝබර් මාසවලයි. කෙසේවෙතත් මෙවර එය මැයි මාසයේදී නිකුත් කරනලදි. මේනිසා මෙය 2019 May Update ලෙස හදුන්වයි.මෙවර සංස්කරනය සමග පරිශීලකයාට පහසුවෙන් වැඩ කර ගත හැකි නව අංග කීපයක් හදුන්වාදී ඇත. මෙම ලිපියේ එම නවාංග පිලිබද විස්තර ඉදිරිපත් කර ඇත.
2019 වන විට බොහෝ මෘදුකාංග නිශ්පාදකයන් තමන්ගේ මෘදුකාංග වලට Dark theme ඇතුලත් කරමින් සිටී. මයික්‍රොසොෆ්ට් සමාගම මෙවර windows 10 සමග Dark Theme එකට අමතරව Light Theme එකක්ද ඉදිරිපත් කර ඇත. ප්‍රිය මනාප පෙනුමක් ඇති මෙම Theme එක windows 10 Home සංස්කරණයේ default Theme එක ලෙස තේරී ඇත.මේ dark හා white theme අපට අවශය ආකාරයට භාවිතා කිරීමට Custom නම් Option එකක් ද අන්තර්ගත වෙයි.
May Update එක සමග Taskbar එකෙහි ද කැපී පෙනෙන වෙනස්කම් කීපයක් සිදුකර ඇත. මෙතෙක් Windows Search හා cortana යන option දෙකම පැවතියේ එකම Icon එකක් යටතේය නව සංස්කරනය යටතේ මෙය icon දෙකක් ලෙස වෙන වෙනම පවතී. නව search menu එක මගින් (c) drive එකේ පමනක් නොව මුලු පරිගණකයේ ම ඇති File Search කල හැක. cortana වලද වැඩිදියුනු කිරීම් කීපයක් කර ඇති බව microsoft සමාගම නිවේදනය කරයි. Taskbar එකේ Network icon එකෙහිද වෙනසක් සිදුකර ඇති අතර Action Center එකෙහි Brightness අඩුවැඩි කිරීමට slider එකක් එකතු කර ඇත.
මෙතෙක් නිකුත් වූ Windows 10 සංස්කරන Start menu එකෙහි තිබූ භාවිතා නොකරන හා අනවශ්‍ය Apps ඉවත් කිරීමට නොහැකි විනි. නමුත් මෙවර සංස්කරනයේ photos, Maps, Edge අදී Apps කීපයක් හැරුනු විට අනෙක් සියලු Apps Uninstall කිරීමට අවස්ථාව ලබා දී ඇත.
search option එක භාවිතා කර windows Feature ලෙස search කරන්න. ඉන් පසු එහි ඇති Turn windows feature on or off තෝරන්න. එහි ඇති Hyper v හා windows hypervisor platform ඉදිරියේ ඇති checkbox වලට ✔ යොදා ok කරන්න. මෙම option enable කරන විට දෝශයක් වුවහොත් microsoft visual studio වැඩසතනේ 2017 හෝ ඊට පසු සංස්කරනයක් පරිඝනකයේ install කරගන්න. එවිටත් දෝශය පවතී නම් BIOS වල ඇති virtualization enable කරන්න. මේ සදහා පරිඝනකය on වන විට f2, /f8,/ dell key ඔබන්න. )පරිඝනක නිශ්පාදකයා අනුව මෙය වෙනස් වේ.) එහි advance setting වල ඇති virtualization enable කර පරිඝනකය on කරන්න. දැන් search bar එකෙහි SandBox ලෙස search කල විට SandBox option එක දැක ගත හැකි වනු ඇත.

ගියවර සංස්කරනය සමග හදුන්වාදුන් Emoji option සමග kaomoji (⊙ˍ⊙) ද ඇතුලත් කර ඇත. එය භාවිතා කිරීමට windows key සමග . (ඩොට්) එකවර press කරන්න.
මෙවර සංස්කරනය සමග වින්ඩෝස් update pause කර තැබීමට හා major update පරිශීලකයාට අවශ්‍ය විට කර ගැනීමට අවස්ථාව දී ඇත.
තවමත් ඔබ windows 10 may update වෙත update නොකලේ නම් microsoft web අඩවියට ගොස් midia creation tool මගින් update කරගත හැක.
ඔබට windows 10 iso file එක ලබාගැනීමට direct link අවශ්‍යනම් ඔබ web browser එකෙන් microsoft web අඩවියට ගොස් එහි මොබයිල් view ලබාගෙන refresh කරන්න දැන් අවශ්‍ය සංස්කරනය තෝර download කරගන්න.
(download කරන ආකාරය පිලිබද ගැටලුවක් ඇත්නම් එය පහල comment මගින් හෝ facebook පිටුවට යොමු කරන්න).
Comments
Post a Comment