Opera GX. ලොව ප්‍රථම Cloud Gaming වෙබ් බ්‍රවුසරය
Cloud Gaming යනු පසුගිය කාලයේ ජනප්‍රිය වූ මාතෘකාවකි. ඒ google සමාගමෙන් හදුන්වාදුන් google stedia හා Nvedia සමාගමෙන් හදුන්වාදුන් Geforce Now වැනි වැඩසටහන් සමගයි. මේ ආකාරයේ තවත් ව්‍යාපෘතියක් ගැන Opera සමාගම නිවේදනයක් නිකුත් කලා. එනම් Browser එකක් පාදක කරගත් ලොව ප්‍රථම cloud gaming system එකකි. එය Opera GX ලෙස හදුන්වයි.
Cloud gaming යනුපරිගණක ක්‍රීඩකයාගේ පරිඝනකයේ resources (සම්පත්) භාවිතා නොකර. cloud සේවා සපයන ආයතනයේ system resources ආධාරයෙන් අන්තර්ජාලය හරහා පරිඝනක ක්‍රීඩා කිරීමයි. මේ සදහා ක්‍රීඩකයාට සාමාන්‍ය පරිඝනකයක් හා අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම පමනක් සෑහේ. මිල අධික High-End Gaming parts අවශ්‍යනොවේ.
මේ ගැන වැඩිපුර විස්තර Opera සමාගම මෙතෙක් ප්‍රකාශ කර නැතත්, එහි අතුරුමුහුනත රතු හා කලු ප්‍රධානව ඉදිරිපත් කරනු ඇත. opera gx Browser එක නිකුත් කරන දිනයක් පිලිබද මෙතෙක් ප්‍රකාශ කර නැත. Opera වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් මෙහි නවතම updates හා early access ලබාගැනීමට හැකි වේ. පහත link එක මගින් ඕනෑම අයෙකුට ඔබගේ Email ලිපිනය භාවිතාකර ලියාපදිංචි විය හැක.
Link-- https://www.opera.com/gx
opera යනු පසුගිය කාලය පුරාම නව අත්හදා බැලීම් කරමින්. google chrome, mozilla firefox , microsoft edge ආදී Browser වලට කරට කර තරගයක යෙදෙන සමාගමකි. ඔවුන්ගේ මේ නව නිර්මාණය Gamers ලාට මෙන්ම පරිගනක ක්‍රීඩා වලට ඇලුම් කරන්නන්ට නව අත්දැකීමක් වනු නොඅනුමානය.
මේ ආකාරයට cloud gaming කරන විට අධිවේගී අන්තරජාල සම්බන්ධතාවයක් තිබිය යුතුය. මෙතෙක් කලක් පැවති 4G, 3G සම්බ්න්ධතාවයට වඩා කීප ගුනයක් වේගවත් 5G මේ සදහා මහත් රුකුලක් වනු ඇත. මේ වන විට 5G තාක්ෂණය හා උපකරණ සංවර්ධනය (develop) වන බැවින් නුදුරු අනාගතයේ opera gx වැනි system වලින් සුපිරි gaming experience එකක් සියලුම දෙනාට ලබාගත හැකි වනු ඇත.
මේ ගැන වැඩිපුර විස්තර opera.com, mspoweruser , Techradar වෙබ් අඩවි භාවිතා කල හැක.
Comments
Post a Comment