OnePlus 7 Pro ජංගම දුරකතනය
OnePlus සමාගම විසින් ඊයේ දින ඉදිරිපත් කරන ලද OnePlus 7 Pro නවතම smartphone එක පිලිබදවයි මෙම ලිපියෙන් තොරතුරු කියන්න බලාපොරොත්තු වන්නෙ.මීට පෙර OnePlus 3,5,5T වැනි දුරකතන ජනප්‍රිය උනේ Samsung Galaxy,Note,Huawei P,Mate වැනි උසස් ගනයේ(flagship) smartphone brand වල අඩංගු බොහෝ features මේවායේ අන්තර් ගත වීමත් ඉතාමත් අඩු මුදලකට මිලදී ගත හැකි වීමත් නිසායි.එම නිසා මේවා flagship killers ලෙසද හදුන්වනු ලැබුවා.
OnePlus 7 Pro දුරකතනය Qualcomm සමාගමේ උසස්ම තත්වයේ SOC(System On Chip) එකක් වන Snapdragon 855 වලින් බලගන්වා ඇති අතර 6GB සිට 12GB දක්වා RAM මතකයකිනුත් 256GB දක්වා internal storage එකකිනුත් තෝරාගත හැකි වෙනවා.මේ වසරේ මෙතෙක් වෙලදපොලට ඉදිරිපත් කර ඇති සියලු smartphone වල internal storage සදහා භාවිතා කර ඇත්තේ UFS(Universal Flat Storage) 2.1 හෝ ඊට පහළ මට්ටමේ storage තාක්ෂණයක්.OnePlus 7 Pro දුරකතනය සදහා ඊලග පරම්පරාවේ UFS 3.0 තාකෂණය යොදාගෙන ඇති අතර දත්ත කියවීමේ හා ලිවීමේ වේගය UFS 2.1 වලට වඩා දෙගුණයකින් පමණ වැඩි වනු ඇතැයි OnePlus සමාගම පවසනවා.
මෙහි display එක ලෙස යොදාගෙන ඇත්තේ අගල් 6.67 හා 3120X1440 resolution එකකින් යුත් AMOLED තිරයක්.මෙහි ඇති විශේෂිතම ලක්ෂණය වන්නේ screen එක සදහා 90Hz තරම් වූ refresh rate එකක් භාවිතා කල හැකි වීමයි.දැනට වෙළදපොලෙහි ඇති Razer හා Asus ROG වැනි gaming smartphones සදහා ඉහල refresh rate එකක් පැවතියත් ඒවා සියල්ල AMOLED නොව LCD තිරයි.මෙම ඉහල refresh rate එක නිසා ඉතා උසස් fluid experience එකක් දුරකතනය පාවිච්චි කරන්නාට ලබාගන්න පුලුවන්.එමෙන්ම මේ සදහා යොදාගෙන ඇති HDR+ හා HDR 10 යන තාක්ෂණයන් මගින් ඉතා ඉහළ පරාසයක වර්ණයන් දර්ශනය කිරීමට display එකට හැකි වෙනවා.
පිටුපස කැමරා ත්රිත්වකකින් යුත් කැමරා පද්ධතිය 48MP standard කැමරාවකින් ද 16MP වූ හා අංශක 117 ක දර්ශණ පරාසයකින් යුත් wide-angle කැමරාවකින් ද යුක්ත වෙනවා.තෙවන කැමරාව ලෙස යොදා ඇත්තේ තුන් ගුණයක විශාලන හැකියාවකින් යුත්(3X zooming) telephoto කැමරාවක්.ඉදිරිපස selfi කැමරාව දුරකතනය තුල සැගව ඇති අවශ්‍යය විට පිටතට ගත හැකි pop-up කැමරාවක්.මේ නිසා ඉදිරිපස සම්පූරනයෙන්ම පාහේ display එකෙන් වැසී පවතිනවා.අතපසු වීමකින් දුරකතනය වැටුන හොත් එසේ වැටෙන විට trigger එකක් gyroscope sensor මගින් ලැබෙන නිසා ක්ෂනිකව කැමරාව සැගවී යනවා.
මෙහි screen එක තුලට ඔබ්බවල ලද optical fingerprint scanner එකක් එක්කර ඇති අතර stereo speaker වලින් යුක්තයි.ඉහල refresh rate එකකින් යුත් සුවිශාල තිරය නිසාම 4000mAh ධාරිතාවකින් යුත් බැටරියකින් සමවිත අතර VOOC fast charging තාක්ශනය නිසා විනාඩි 30 කටත් අඩු කාලයකින් 50% දක්වා charge කල හැකි බවයි OnePlus සමාගම පවසන්නෙ.OnePlus 7 Pro හි headphone jack එකක් හෝ IP ආරක්ෂණයක් දකින්න ලැබෙන්නෙ නැහැ.එමෙන්ම wireless charging සදහාද support කරන්නෙ නැහැ.
Stock Android වලට බෙහෙවින් සමාන android pie 9.0 මත පදනම් වූ oxygen os මෙහෙයුම් පද්ධතියට screen recording හැකියාවත් ,දුරකතන පාවිච්චියට දක්වන ඇබ්බැහිය පාලනය කිරීමට zen mode නම් feature එකද අලුතින් එක්කර තිබෙනවා.මෙය තවමත් වෙළදපොලට ඉදිරිපත් කර නැති නමුත් ශ්‍රී ලංකාවේ මුදලින් රු.120000-150000 පමණ වනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.

Comments
Post a Comment