Google ඇතුලු සමාගම් කීපයක් Huawei සමාගමට සපයනු ලැබූ සේවාවන්ගෙන් ඉවත්වෙයි


ඇමරිකාව හා චීනය අතර ආර්ථික යුද්ධයේ තවත් එක් පියවරක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා ඇම‍රිකානු ජනාධිපති Doneld Trumph විසින් Huawei සමාගම් ඇතුලු සියලු විදේශීය සමාගම් වලින් දේශීය සමාගම් සදහා  ඇමරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව සන්නිවේදන උපාංග මිලදී ගැනීම ,භාවිත‍ය තහනම් කරනු ලැබුවා. මේ හා සමගාමීව google සමාගමද  open source license සහිත සේවාවන් හැරුනුවිට අනෙකුත් සියලු Hardware හා software විශේශයෙන් android මෙහෙයුම් පද්ධතිය හා බැදුනු නිශ්පාදන හා සේවාවන් සම්බන්ධයෙන් Huawei සමාගම සමග තිබූ ගිවිසුම් වලින් ඉවත් වීමට තීරනය කර තිබෙනවා.


ඒ අනුව දැනට භාවිතයේ පවතින Huawei උපාංග වලට google play protect security update පමණක් ලබා දීමට තීරණය කර ඇති බව twitter පණිවිඩයක් නිකුත් කරමින් Google සමාගම පවසනවා.එසේ වුවද එම උපාංග වලට security හා feature update ලැබෙන්නේ නැහැ.(කෙසේ වෙතත් මේවන විට ඇමරිකාරිකානු වාණිජ දෙපාර්තමේන්තුව විසින් මාස 3ක කාලයක් සදහා පමණක් Huawei උපාංග වලට security updates ලබාදීමට google සමාගමට අවසර දී තිබෙනවා)තවද කිසිදු  අනාගත huawei උපාංගයන් සදහා Open source license සහිත සේවාවන් හැරුනු විට අනෙකුත් කිසිදු Google සේවාවක් භාවිත කිරීමට නොහැකි වෙනවා. කෙසේ වෙතත් තවදුරටත්  වර්තමාන පරිශීලකයන්ට  google play, gmail වැනි සේවා භාවිතාකිරීමට අවස්ථාව හිමිවනවා.

එමෙන්ම Intel, Qualcom , Xilixx, Broadcom Inc. යන සමාගම්ද  Huawei සමාගමේ නිශ්පාදනයන්ට අවශ්‍යය Chipset සැපයීම සදහා වූ ගිවිසුම් වලින්  වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් වීමට තීරණය කර තිබෙනවා.Intel යනු Huawei සමාගමේ ප්‍රධානතම laptop හා servers සදහා processors නිපදවනු ලබන සමාගමයි.Qualcomm සමාගමේ snapdragon SOC හා modems බහුලවම budget range එකෙහි Huawei දුරකතන සදහා භාවිතා කරනවා.


Huawei යනු ලෝකයේ අංක එකේ සන්නිවේදන උපකරණ නිපදවන සමාගම මෙන්ම,ලොව දෙවන විශාලතම smartphone නිපදවන සමාගමයි. apple සමාගම පසු පසට ඇද දමමින් මෙසේ ඉදිරියටම ගමන් කරන Huawei සමාගම 2020/2021 වන විට Samsung සමාගමද අභිබවමින් ලොව අංක එකේ smartphone නිශ්පාදකයා වන බව ආර්ථික විද්යාඥය‍යින් මේ  වන විටත් මත පල කර තිබේ.

සැලකිය යුතු කාලයක සිට පවතින චීන ඇමරිකා ආර්තික ගැටුම උග්‍රවන්නේ 2018 ජනවාරියේදී ඇම‍රිකානු සන්නිවේදන සමාගමක් වන AT&T  සමාගම  සමග ගිවිසුම් ගත වීමට Huawei උත්සහ කිරීමත් සමගයි . කෙසේ වෙතත් දැඩි බලපෑම් මත AT&T සමාගමට සියලු ගිවිසුම් වලින් ඉවත් වීමට සිදුවෙනවා.


එමෙන්ම ඇමරිකන් නීති රෙගුලාසි කඩ කරමින්, ඇමරිකන් සිට ඉරානයට Huawei උපාංග අපනයනය කිරීම සම්බන්ධයෙන් Huawei සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධා‍රීනී Mong Wanzhog කැනඩාවේදි අත්තඩංගුවට ගනු ලබනවා එමෙන්ම apple සමාගමේ ජංගම දුරකතන තාක්ශණයන් මෙන්ම T-Mobile සමාගමේ Robotic තාක්ශණයද සොරකම් කර ඇති බවට Huawei සමාගමට චෝදනා එල්ල වී ඇත.


huawei සමාගම චීන රජය වෙනුවෙන් විදේශ රටවල භාවිතාවන තම උපාංග භාවිත කරමින් ඔත්තු බැලීම් කරන බව Doneld Trumph ප්‍රකාශ කර සිටිනවා. සෑම Huawei උපාංගයකම අඩංගු Backdoor එකක් මගින් ‍තොරතුරු හා දත්ත විශ්ලේශන සමාගම් වලට access ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙනවා .මේ සියලු චෝදනා huawei සමාගම ප්‍රතික්ශේප කලද Huawei සමාගම කෙරෙහි යුරෝපීය රටවලත් යම් සැකයක් ජනිත වී තිබෙනවා 




Huawei සමාගමට මෙම අභියෝගය ජය ගත හැකි වේද?


මීට පෙර 2018 වසරේදී චීන සමාගමක් වන ZTE සමාගමටද ඇමරිකාව විසින් සම්බාධක පනවනු ලැබුවා. එහි ප්‍රතිපලයක් ලෙස  ZTE සමාගමට ඇමරිකාව තුල සිය මෙහෙයුම් කටයුතු වලින් ඉවත් වීමට සිදුවෙනවා.


එසේ වුවද Huawei සමාගම සේවකයන් 180 000 පමන යුක්තව රටවල් 70 ක පමන ව්‍යාපාර කරන සමාගමක්. එමෙන්ම 2018 වසරේදී ඇමරිකානු ඩො.බි. 112 කට අදික ආදායමක්ලැබූ අතර ඒ සදහා ඇමරිකාවේ දායකත්වය ඩො.බි.7 පමනයි.


එමෙන්ම Huawei සමාගම  5G තාක්ශනය ලොවට හදුන්වා දීමේ ක්‍රියාවලියේ  ප්‍රබල සාමාජිකයෙක් වනවා. ඔවුනට අයත් Whitehouse නම් පර්‍යේශන ආයතනයේ මේ සදහා නිරතුරුවම නව  අත්හදා බැලීම් කරනතර 5G Modem නිශ්පාදනයද සිදු කරනවා.


 මේ අතර Huawei සමාගම මාධ්‍යහමුවක් පවත්වමින් පැවසුවේ සියලු Huawei හා Honor දුරකතන සදහා Updates හා services ලබාදීමට කටයුතු කරන බවත් මේ සදහා කඩිනම් විකල්ප ඉදිරිපත් කරන බවත්‍ ය.


එමෙන්ම දැන් ඇතිවී තිබෙන තත්වය පිලිබදව Huawei සමාගමට පෙර සිටම අවබෝධයක් තිබුනි යැයි සිතිය හැක. මේ වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක් develop කිරීම පිලිබද ප්‍රකාශ කර තිබුනි . කරුණු එසේ නම් දැනට උද්ගතව ඇති තත්වයෙන් ගොඩ ඒමට Huawei සමාගමට එතරම් අපහසු නොවනු ඇති.



 නමුත් Google සමාගමට අයත් android මෙහෙයුම් පද්ධතියට Huawei  සමාගම Update ලබාදෙන ආකාරය හෝ අනාගතයේදී ඉදිරිපත් කිරීමට නියමිත Huawei product සදහා ගනු ලබන ක්‍රියාමර්‍ර්ග ගැන සමාගම පැහැදිලි අදහසක් ඉදිරිපත් කලේ නැත.කෙසේ වෙතත් මේ වසරේ එලිදැක්වීමට නියමිත මීලග android සංස්කරණය වන Android Q Huawei දුරකතන වලට නොලැබෙනු ඇත.

apple,Samsung, Intel වැනි සමාගම් තම Chip පරිපථ සදහා architecture එක design කරනු ලැබුවද, නිශ්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබන්නේ චීනයේ පිහිටි Foxconn වැනි කර්මාන්තශාලා වලයි.අඩුමුදලට ලබාගත හැකි චීන ශ්‍රමයත් අමතර කොටස් පහසුවෙන් සොයාගත හැකිවීමත් නිසා නිශ්පාදන පිරිවැය අවම වෙනව. මීට පෙර Apple සමාගම  ඇතැම් නිෂ්පාදනයන්
ඉන්දියාවේ සිදුකිරීමට සැලසුම් කල ද ඒ සදහා USD 300 පමණ අමතර පිරිවැයක් දැරීමට සිදු වන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. මේ තත්වය මත චීන රජය ගනු ලබන ක්‍රියාමාර්ගයදෙස මුලු ලෝක‍යාම බලාසිටින්නෙ යම් තිගැස්මකිනි.

Comments