ඇමරිකානු hardware වෙළදපොල මත යැපෙන Huawei නිෂ්පාදන

ඇමරිකානු පරිපාලනය විසින්Huawei සමාගම entity list නම් අසාදු ලේඛණයට ඇතුලත් කිරීමත් සමගම අදාල නියෝග අනුව යමින් බොහෝ ඇමරිකානු තාක්ෂණික සමාගම් Huawei සමාගම සමග වූ සියලු ගනුදෙනු වලින් ඉවත් වී තිබෙනවා.Google සමාගම හැරුනුවිට ARM,Intel,Qualcomm,Microsoft වැනි සමාගම්ද මෙයට අයත් වෙනවා.මීට අමතරව ඇමරිකාවමත පදනම්ව බොහෝ තාක්ශනික සමාගම් සම්බන්ද වී තාක්ශනික මෙවලම් වල පොදු සම්මුතීන් සදහා පිහිටුවාගනු ලැබූ Wifi alliance හා SD association වැනි සන්ධාන වලින්ද Huawei සමාගම තාවකාලිකව ඉවත්කර තිබෙනවා.




Huawei සමාගම වාර්ෂිකව ඇමරිකානු සමාගම් වලින් ඩො.බි 11 පමණ උපාංග මිලදී ගනු ලබනවා.එම උපාංග අතර Huawei නිෂ්පාදනයන් සදහා අත්‍යාවශය උපාංග බොහොමයි.ඒවා Huawei නිෂ්පාදනයන් සදහා කොතරම් බලපෑම් කර ඇත්ද යන්න මෙම ලිපියෙන් සාකච්චා කරනු ලබනවා.

BBC පුවත් සේවය වාර්තා කරන පරිදි ARM සමාගමේ පරිපාලනය විසින් සිය සමාගම Huawei සමග වූ සියලු ගිවිසුම් හා ගනුදෙනු වලින් ඉවත් වී ඇති බවට සදහන් අභ්‍යන්තර වාර්තාවක් ARM කාර්යමණ්ඩලය වෙත මේ වන විටත් නිකුත් කර ඇත.Qualcomm,Exynos හා HiSilcon වැනි chips නිපදවන සමාගම් බොහෝමයක් ඒවා නිපදවන්නේ ARM සමාගම මගින් දියුණු කරනු ලැබූ chip architectures වලට අනුවයි.ඒ සදහා එම සමාගම් අදාල architectures සදහා වූ license එක ලබා ගැනීමට ගිවිසුම් ගතවිය යුතු අතර භාවිතා කරන කාල පරිච්චේදයට අදාලව මුදල් ගෙවිය යුතුය.

Huawei සමාගමේ සියලු flagship හා mid range smartphones සදහා Kirin brand එක යටතේ SOC(System On Chip) නිපදවනු ලබන්නේ HiSilicon සමාගමයි.උදාහරනයක් ලෙස Huawei සමාගමේ flagship smartphones සදහා වූ Kirin 980 SOC එකෙහි ARM සමාගමේ Cortex A76 හා Cortex A55 CPUs භාවිතා කර ඇති අතර GPU ලෙස ARM සමාගමේම Mali G76 යොදාගෙන ඇත.එමෙන්ම cloud technology සදහා විශාල ධනස්කන්දයක් වෙන් කර ඇති Huawei සමාගමේ බොහෝමයක් cloud platforms සදහා යොදාගෙන ඇති Kunpeng CPU ද පදනම් වී ඇත්තේ ARM architecture එක මතයි.




තවද සන්නිවේදන යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ගොඩ නැගීම සදහා ලොවම පිලිගත් සමාගමක් ලෙස Huawei හදුන්වන්න පුලුවන්.ලොවපුරා 4G සන්නිවේදන ජාල පවත්වාගෙන යාම මෙන්ම 5G තාක්ෂනය සදහා නව උත්පාදන නිර්මාණය සදහා විශාල කීර්තියක් උසුලනව.කෙසේ වෙතත් මෙම සන්නිවෙදන ජාල සදහා යොදා ගනු ලබන signal processors වැනි බොහෝමයක් උපාංග සදහා ARM architecture එක මත පදනම් වූ නිශ්පාදන යොදාගනු ලබනව.

Apple Macbook කරට කර සටනක් දීමටම නිපදවනු ලැබූ Huawei Matebooks සදහා සම්පූර්ණයෙන්ම යොදාගෙන ඇත්තේ Intel CPUs හා Nvidia සමාගම විසින් නිපදවනු ලබන GPUs.මීට අමතරව ඇතැම් Huawei server පරිගනක වලද Intel Xeon processors භාවිතා කරනු ලබනව.එමෙන්ම Huawei budget smartphone බොහෝමයක Qualcomm සමාගමේ SOCs දැක ගන්න පුලුවන්.එමෙන්ම Gorilla glass හා flash storage අතුලු smartphones නිපදවීමට අවශ්‍යය බොහෝ කොටස් Huawei විසින් මිලදී ගනු ලබන්නේ ඇමරිකානු සමාගම් වලින්.




මේ හේතුවෙන් ‍යම් හෙයකින් ඇමරිකානු පරිපාලනය Huawei සදහා බලපවත්වා ඇති තහංචි ඉදිරියෙදී ඉවත් නොකලහොත් ඉදිරි නිශ්පාදනයන්ට දැඩි පහරක් එල්ල වෙනවා.එසේ වුවද Huawei සමාගමේ මූල්‍යයමය හැකියාවත් චීනය සතු මහාපරිමාන තාක්ෂණික නිශ්පාදන හැකියාවත් සැලකීමේදී සමාගමට ඇමරිකාවමත පදනම් නොවී තමාගේම software හා hardware eco-system එකක් ගොඩනගා ගත හැකිය යන මතය අවතක්සේරු නොකල යුතුයි.

Comments