Google Pixel 3a හා 3a XL දුරකතන

මෙවර google I/O 2019 උලලේදී google සමාගම AI,software හා hardware වලට අදාල නිෂ්පාදනයන් රැසක් ඉදිරිපත් කරනු ලැබුවා.සාමාන්‍යයෙන් google I/O වලදී සමාගම AI හා software සදහා ප්‍රමුකතාවය ලබා දෙනු ලැබුවද hardware උපාංග කිහිපයක් ද ඉදිරිපත් කරනු ලබනවා.Google pixel 3a,Google pixel 3a XL හා Google Nest Hub Max ඒවා අතර දැකගත හැකි උනා.මෙහිදී පලමු වරට google සමාගම mid range එකෙහි ජංගම දුරකතන 2 ක් pixel 3a හා pixel 3a XL ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.මීට පෙර Samsung හා Apple සමාගම්ද තම flagship brand වලට සමගාමීව S10e හා Apple iphone XR ලෙස mid range smartphones වෙළද පොලට ඉදිරිපත් කර තිබුනා.





Google සමාගමේ flagship smartphones වන pixel 3 හා pixel 3 XL ,glass වලින් නිමවා තිබුනද මෙම දුරකතන 2 සදහා යොදාගෙන ඇත්තේ polycarbonate plastic . Qualcomm snapdragon 670 SOC(System On Chip)එකකින් සමන්විතවන මෙම දුරකතන 4GB RAM මතකයකින් හා 64GB internal storage එකකින් යුක්ත වෙනවා.තවද මේවායේ SD card slot එකක් නොමැති බැවින් storage expand කිරීමක් සිදුකල නොහැකියි.3.5mm headphone jack එකක් අඩංගු වන අතර speaker 2කින් ද යුක්තවනවා.ඒවා stereo speakers වන බවයි google සමාගම පවසන්නෙ.Google pixel 1 වලමෙන් diaplay එකෙහි notch එක ඉවත් කර ඇති නමුත් එය bezel less display එකක් ලෙස සැලකිය නොහැකියි.එමෙන්ම මේවායේ wireless charging පහසුකම නොමැති අතර ජල ආරක්ෂන(water resistance) හැකියාවද නොමැත.




දුරකතන 2ම Full HD+ OLED display එකකින් සමන්විතවන අතර pixel 3a හි අගල් 5.6 තිරයකින්ද 3000mAh බැටරි ධාරිතාවයකින්ද pixel 3a XLහි අගල් 6.0 තිරයකින්ද 3700mAh බැටරි ධාරිතාවයකින්ද යුක්තවෙනවා.Just Black(කලු),clearly white(සුදු) හා purple-ish(ලා දම්) වර්ණවලින් තෝරාගත හැකිවන අතර Android 9.0 Pie මෙහෙයුම් පද්ධතියෙන් යුක්තවනවා.AR(Augmented Reality)තාක්ෂනය යුත් AR walking navigation tool එකක් google map එකට එක්කර තිබෙන අතර එම පහසුකම පලමු වරට මෙම දුරකතන වල දැක ගන්න පුලුවන්.එමෙන්ම pixel 3 හා pixel 3 XL වලමෙන් පිටුපස fingerprint scanner එක යොදා තිබෙනවා.






මේවායේ පිටුපස කැමරා පද්ධතිය pixel 3 හා pixel 3XL කැමරා පදධතියට සර්වසම වන අතර 12MP f/1.8 aperture එකකින් සමන්විත sensor එකකින් යුක්තවනවා.AI හා machine learning වලින් බලගැන්වුනු කැමරා පද්ධතිය විශේෂ තාක්ෂනයන් රැසකින් යුක්ත වනවා. Night sight පහසුකම මගින් ඉතා අඩු ආලෝකතත්ව යටතේ ඉහල මට්ටමේ ඡායාරූප ලබාගත හැකිවන අතර Super Res Zoom තාක්ශනය මගින් ඡායාරූපයේ details උපරිම මට්ටමක පවත්වාගෙන Zoom කිරීමේ හැකියාව ලබා දෙනවා.එමෙන්ම time laps video සදහා නව පහසුකම් රැසක් එක් කර අති අතර මේ සියල්ල හොදින් ක්‍රියාත්මක වීමටනම් google lens app එක භාවිතා කල යුතු වෙනවා.ඉදිරිපස කැමරාව 8MP වන අතර pixel 3 හා 3XL වල තිබූ wide angle sensor එක මේවාට එක්කර නැහැ.



AR walking navigation with google map



කෙසේ වෙතත් මීට වඩා තත්වයෙන් උසස් specs වලින් සමන් විත Redmi Note 7 හා xiaomi pocophone f1 වනි දුරකතන දැනටමත් ආසියානු වෙළදපොල ආක්‍රමණය කර තිබීම google සමාගමට විශාල අභියෝගයක්.එසේ උවද ඔබ ඉතා ඉහළ මට්ටමේ කැමරා පද්ධතියක් හා clean android experience එකක් බලාපොරොතු වන්නේ නම් pixel 3a හෝ 3a Xl යනු හොදම තේරීමක්.

Comments