අතින් ලියූ අකුරු COPY කල හැකි Google Lens
2018 වසරේ මාර්තු මාසයේදී Google සමාගම විසින් Google Lens ඉදිරිපත් කරන ලදි. එතැන් පටන් මේවන තෙක් මේ සදහා නව යාවත්කාලීන කිරීම් බොහෝ ප්‍රමාණයක් ලැබී ඇත. (Google Lens යනු ඕනෑම දෙයක් scan කර ඒ ගැන තොරතුරු සොයාගත හැකි යෙදුමකි). පසුගිය දින පැවත් වූ Google I/O 2019 හිදී Google Lens සදහා වූ නව option කීපයක් හදුන්වාදෙන ලදි. නමුත් AR (Augmented Reality ) මත පදනම් වූ මෙම option සියල්ල තවම භාවිතාකිරීමට ලබාදී නැත. මෙම ලිපියෙන් Google Lens හි ඇති Options හා ඒවා භාවිතා කරන ආකාරය ගැන ඉදිරිපත් කර ඇත.
Google Lens භාවිතාකිරීමට නම් Android දුරකථයේ Android 6.0 හෝ ඊට පසු සංස්කරණයක් තිබිය යුතුය . දැනටමත් ඔබගේ දුරකථනයේ Built-in google Assistant තිබේනම් එය නව සංස්කරණය වෙත update කරන්න. ඉන් පසු google assistent open කරන්න එහි microphone icon එකට වම් පසින් ඇති lens icon එක මත click කිරීමෙන් google lens භාවිත කල හැක. ඔබ google play store හි google lens හි search කලහොත් google lens දැකගතහැකි නොවේ. ඒ මෙය ශ්‍රී ලංකාවට සහය නොදක්වන නිසාය. මෙම link එක හරහා ගොස් ඔබට එය දැකගතහැක. Link > google lens. ඔබට පහත link එක මගින් google lens apk ලබාගත හැක. එය install කරගත් පසු සාමාන්‍ය app එකක් සේ ක්‍රියාකරයි. මෙය ක්‍රියාත්මක වීමට අන්තරජාල සම්බන්ධතාවය සක්‍රිය කර තිබිය යුතුය.
Google Lens open කරගත් එහි සාමාන්‍ය camera app එකක් සේ දැකගතහැක .එහි පහලින් ඇති slider එක ඉහලට swip-up කලවිට lens මගින් scan කල හැකි දේවල් දැකගතහැක .
Lens app එක open කර එහි කැමරාවෙන් සතෙක් , ගසක් 🌳 , මල් ආදී දෙයක් scan කලහොත් ඒවායේ සියලු විස්තර lens app එකේම දැක ගත හැක.
මෙසේම යම් නිශ්පාදන භාණ්ඩයක් scan කලහොත් ඒහා සමාන product ඒවායේ මිල ගනන් , ලබාගැනීමට ඇති ස්ථාන හා අනෙක් තොරතුරු පහසුවෙන් සොයාගත හැක.
එමෙන්ම අප අහම්බෙන් දකින පොතක්, gaming cover එකක් , movie poster එකක් වුවත් scan කර ඒවා නිකුත් කල දිනය, මිලගනන් , ratings ආදිය පහ්සුවෙන් lens app එකේ සරලව දැක ගත හැක.
එමෙන්ම QR code , bar code scan කර ඒවායේ තොරතුරු ලබාගත හැක සාමාන්‍ය QR scanner app ලෙස ක්‍රියාකරයි.
මෙහි ඇති වැදගත්ම option එක "copy text" නම් option එකයි. එමගින් ඕනෑම තැනක ඇති අකුරු ඉලක්කම් symbols ආදිය SCAN කර TEXT ආකාරයට copy කරගත හැක. එමෙන්ම ඒවා translate කරගැනීමටද , එම වචන වලට අදාළ තොරතුරු අන්තරජාලය හරහා ලබා ගැනීමටද හැකිය. Google සමාගම පවසන පරිදි මෙය භාශා 100 කට වැඩි ප්‍රමාණයකට සහය දක්වයි. ඒ භාශා 100 අතර සිංහල 🇱🇰 භාශාවද පවතින් නිසා සිංහල වචනද copy , scan කල හැකිය. ඕනෑම image එකක, pdf document එකක මෙන්ම පැහදිලිව අතින් ලියූ අකුරුද scan කල හැකි වීම බොහෝ ප්‍රයෝජනවත් වේ. මෙමගින් phone number, email address nikname ආදිය වෙනවෙනම හදුනාගන්නා නිසා lens මගින් ඒවාට අදාල option වෙත යොමු කරයි. (උදාහරණයක් ලෙස phone number එකක් scan කර call එකක් ලබාගත හැක.)
Hand writing |
Google I/O 2019 දී google lens සදහා AR (Augmented reality ) සම්බන්ධ වූ වැඩිදියුණු කිරීම් කීපයක් හදුන්වාදුනි.
3D object (වස්තු) සජීවීව අවට පරිසරයේ පෙනෙන සේ google lens හරහා දැකගතහැකි සේ lens app එක වැඩිදියුණු කර ඇත. (උදාහරණයක් ලෙස ගෘහ භාණ්ඩ වැනි දේ නිවසකට ගැලපේදැයි lens හරහා බැලිය හැක.)
අනෙක නම් image translate හැකියාවයි. මෙමගින් image එකක් scan කර එහි ඇති අකුරු එහිම translate කර පෙන්වයි.
Google Lens New Option Introduce In Google I/O 2019
Google pixel phone වල ඇත්තේ single camera (තනි කැමරාවකි) නමුත් එම කැමරාවෙන් ලබාගන්නා photo අනෙක් dual camera / tripple camera ඇති smartphone වලට වඩා උසස් වන්නේ එය google lens app එකත් සමග භාවිත වන නිසාය.
අලුතෙන් එක් වූ නව අංග කීපය මේ වනවිට සියලු දෙනාට භාවිතා කිරීමට නොහැකි වුවත් අනෙක් option වලින් නම් බොහෝ ප්‍රයෝජන ලබාගත හැකිය.
Comments
Post a Comment