Facebook සමාගම ඔවුන්ගේම cryptocurrency එකක් නිකුත් කිරීමට සැරසේ




Facebook සමාගම ලබන වසර මුල වන විට ඔවුන්ගේම Cryptocurrency එකක් එලිදක්වන බව පසුගියදා නිවේදනය කලේය. ඔවුන්ගේ Cryptocurrency ව්‍යාපෘතිය පිලිබදව ඔවුන් පසුගිය වසරේ දෙසැම්බ‍ර් මාසයේදී මුලින්ම කියා සිටියේය.

Cryptocurrency යනු.

සාමාන්‍යයෙන් රටක මුදල් හා අනෙකුත් මූල්‍යය සම්භන්ධ නීති රෙගුලාසි පැනවීම හා පරිපාලනය සිදුකරනු ලබන්නේ මධ්‍යයගත(Centralized) ආයතනයක් විසිනි.බොහෝ විට ඒ මහ බැංකුවයි.Cryptocurrancy වලදී සිදුවන්නේ මෙම මධ්‍යයගත ආයතනය වෙනුවට Cryptocurrancy එක භාවිතා කරන සියලු ගනුදෙනුකරුවන්  සම්භන්ධ කරමින් Cryptography හා blockchain මත පදනම් වු විමධ්‍යයගත(Decentralized) ජාලයක් නිර්මාණය කර ගැනීමයි.මෙහිදී ඔනෑම අයෙකුට මෙම ගනුදෙනු අඩංගු Cryptocurrancy ledger එක පවත්වා ගෙන යාමට අවශ්‍යය processing power එක සැපයිය හැකි අතර ඒ සදහා blockchain එකෙන් Cryptocurrancy යම් කොටසක් ඔවුන්ට ගෙවනු ලබයි.Cryptocurrancy miners ලෙස හ්දුන්වන්නේ මොවුන්ය.Bitcoin, Ethirum, Dogecoin, ආදී නම් වලින් හදුන්වන බොහෝ Cryptocurrency ප්‍රමාණයක් ඇත.

Facebook සමාගම ඔවුන්ගේ  Cryptocurrency එක පරීක්ශන මට්ටමේදී "Globalcoin" ලෙස හදුන්වයි. මෙහි වැඩිදුර තොරතුරු මේ වසර අග භාගයේදී නිකුත් කරන බව Facebook සමාගම කියාසිටී. මෙසේ Digital මුදල් ඒකකයක් හදුන්වාදීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ බැංකු පද්ධතිය භාවිතා නොකර පහසුවෙන් හා වේගවත් මුදල් හුවමාරුවක් ආරක්ශිතව කල හැකි ක්‍රමයක් Facebook පාරිභෝගිකයන්ට හදුන්වාදීමයි. මෙහි ආරම්භක පියවරක් ලෙස මේවසර මුලදී ඉන්දියාවේ දී Whatsapp හරහා මුදල් හුවමාරු ක්‍රමයක් හදුන්වාදෙන ලදි. කෙසේ වෙතත් ලබනවසර මුල් මාස 4 ඇතුලත ඔවුන්ගේ ස්ථාවර(stable)  Cryptocurrency එක තෝරාගත් රටවල් කීපයකට පමණක් ලබාදෙන බවට වාර්ථා වේ.
Facebook හි නිර්මාතෘ මාක් සකර්බ‍ර්ග්(Mark Skurberg) BBC සමග සම්මුඛ සාක්ච්චාවකට එක්වෙමින් virtual money නැතහොත්  Cryptocurrancy වල ඇති අවධානම පිලිබදව තොරතුරු ඉදිරිපත් කලේය. එමෙන්ම Facebook සමාගම ඇමරිකානු මහ බැංකුව හා western union මුදල් හුවමාරු සේවාව සමග මේ පිලිබද සාකච්චා පවත්වා ඇත.



කෙසේ වුවද  virtual Cryptocurrency වල ඇති අනාරක්ශිත බව හා වසර ගනනක් තිස්සේ ජනතාව Facebook සමාගම වෙත දක්වන ප්‍රතිචාර දෙස බලන විට GlobalCoin වෙත පරිශීලකයන් ආකර්ශනය කර ගැනීමට නම් Facebook සමාගමට බොහෝ  දේ සිදුකිරීමට වනු ඇත.



මේ ගැන වැඩි විස්තර නිකුත් වූ පසු තවත් ලිපියක් ඉදිරිපත් කිරිමට බලාපොරොතු වෙමි. අලුත්ම Tech news , Technology ගැන දැන ගැනීමට අපගේ Facebook පිටුවට like කරන්න. ඔබට මේ පිලිබද තවත් තොරතුරු අවශ්‍ය නම් Theverge, Techradar, theguardian web අඩවි භාවිතා කල හැක.

.

Comments