ATM Card Skimming ගැන
තොරතුරු තාක්ෂණය හා සම්භන්ධ මෙවලම් හා යෙදවුම් මූල්‍යය ක්ෂේත්රයේ, විශේෂයෙන්ම බැංකු කටයුතු නිරවද්‍යය හා වේගවත් කිරීමට විශාල මෙහෙයක් සිදු කරන බව අප දන්නා කරුණක්.එසේ වුවද ඩිජිටල්කරණයත් සමග ඇතිවූ අභියෝග රැසකට මුහුණ දීමට අද වන විට බැංකු හා මූල්‍යය ආයතන වලට සිදුවී තිබෙනවා.ATM Skimming පිලිබදවත් Skimming වලින් ආරක්ෂාවීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග පිලිබදවත් මෙම ලිපියෙන් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙහිදී භාවිතා කරන ප්‍රධාන උපක්‍රමයක් තමයි ATM card Skimmer උපාංගයක්, ඔබ කාඩ්පත ඇතුලුකරන slot එකකට ඉදිරියෙන් සම්බන්ධ කිරීම.Skimmer එකක් යනු එක්තරා ආකාරයක ATM card reader එකක්.එමගින් ATM card එකෙහි magnetic strip එකෙහි අඩංගු කාඩ් අංකය,expire date එක හා country code එක වැනි කාඩ් හිමියාගේ ගිනුමේ තොරතුරු ලබාගත හැකි වෙනවා.බොහෝ බැංකුවල කාඩ්පත ඇතුලුකරන slot එක සහිත කොටස එකම ආකාරයකට නිර්මාණය කර ඇති නිසා Skimmer උපාංගද පහසුවෙන් නිපදවිය හැකි වෙනවා.කෙසේ වෙතත් magnetic strip එකෙහි දත්ත පමණක් භාවිතයෙන් අන්තර්ජාලය හරහා ගනුදෙනු කලහැකි වුවද ATM card එක clone කිරීමට නම් PIN අංකයද අවශ්‍යය වෙනවා.
Skimmer උපාංගයක් |
Key pad එකට ඉහලින් සවි කරනු ලැබූ pin hole කැමරාවක් යොදා ගැනීම හෝ key pad එකමත සම්බන්ධ කරනු ලැබූ ව්‍යාජ keypad එකක්(keypad overlay) යෙදීම වැනි උපක්‍රම PIN numbers ලබා ගැනීම සදහා භාවිතා කරනවා.මෙම දත්ත සම්ප්‍රේෂණයට wireless transmitter එකක් යොදා ගැනීම බහුලවම යොදා ගනු ලබනවා.
ව්‍යාජ්‍යය keypad එකක් |
Pinhole කැමරාවක් |
ATM Skimming වලින් වැළකීමට නම්
කාඩ්පත් ඇතුලු කරන කොටස සෑම විටම ගනුදෙනු කිරීමේදී භාවිතාවන බැවින් එය ශක්තිමත්ව නොසෙල්වෙන පරිදි පැවතිය යුතු වෙනවා.කාඩ්පත ඇතුලු කිරීමට පෙර එම කොටස දෙපසට හා ඉහල පහල සොලවා බලන්න.එහි යම් ලිහිල් බවක් පවතීනම් එය Skimmer උපාංගයක් විය හැකියි.එමෙන්ම කාඩ්පත ඇතුලු කිරීමේදී මදක් ආනතව එය අතුලත් කිරීමත් හොද උපක්‍රමයක්.එමෙන්ම pin hole කැමරාවන් හා keypad එක පරීක්ෂාකර බැලීම ඉතා වැදගත්.එක් අතකින් ආවරණය කර අනිත් අතින් PIN එක ඇතුලත් කිරීම බොහෝ දෙනෙක් භාවිතා කරන උපක්‍රමයක්.
මොනවද මේ EMV Chips
මෙය විශේෂ ආකාරයේ cryptographic key එකක් අඩංගු චිප් එකක් වන අතර එම key එක භාවිතයෙන් සෑම ගනුදෙනුවක් සදහාම ඊට අනන්‍යය වූ කේතයක් generate කරනු ලබනවා.ඔබගේ ATM කාඩ්පතෙහි magnetic strip එකට අමතරව EMV chip එකක්ද අන්තර්ගතනම් එමගින් වැඩි ආරක්ෂාවක් සැලසෙනවා.EMV chip ප්‍රතිනිර්මාණය බෙහෙවින් අපහසු කාර්යක් වන බැවින් ATM මේවා සමග පමණක් නොව NFC තාක්ෂනයෙන් ගනුදෙනු කිරීමේදී ද බහුලව බාවිතා කරනවා.
Comments
Post a Comment