Oppo Reno ජංගම දුරකතන

Oppo සමාගම තම Reno  මාදිලියේ ජංගම දුරකතන 2ක් ඉදිරියේදී  වෙළද නිකුත් කිරීමට නියමිතයි.ඒ පිළිබදවයි මේ ලිපියෙන් තොරතුරු කියන්න බලාපොරොත්තු වෙන්නෙ.




මෙහිදී Reno standard හා 10X zoom model ලෙස දුරකතන 2ක් ඉදිරිපත්කර තිබෙනව.


10X zoom model


මෙහිදී 10X zoom model එක flagship හෙවත් high-end phone එකක්.මෙය qualcomme සමාගමේ snapdragon 855 SOC එකකින් හා 6/8GB RAM මතකයකින් හා 128/256GB ලෙස internal storage එක අවශ්‍යය ලෙස පාරිභෝගිකයාට තෝරාගැනීමට හැකී.corning gorilla glass 6 ආරක්ෂනයකින් යුත් අගල් 6.6 AMOLED තිරයකින් යුක්තයි.




මෙහි පිටුපස කැමරා 3කින් යුක්ත වෙනව.48MP f/1.7 විවරයකින් යුත් ප්‍රධාන කැමරාව pixel binning  හා OIS(Optical Image Stabilisation) තාක්ෂණයන්ගෙන් සන්නද්ධයි.Telephoto කාචයකින් යුත් දෙවන කැමරාව periscope එකක් භාවිතයෙන් අංශක 90 හැරවීමකට ලක් කරනවා. එවිට වැඩි කාච ප්‍රමාණයක් දුරකතනයේ ඝණකම වැඩි නොවන සේ යෙදිය හැකි නිසා ඉහළ විශාලන බලයක්(zooming) ලබා ගන්න පුලුවන්. මෙමගින් 5 ගුණයක(5X) optical zooming හා 10 ගුණයක(10X) hybrid විශාලන හැකියාවකින් යුක්තයි.optical zooming වලදී telephoto lens පමණක් විශාලයණය සදහා භාවිතා කලද hybrid zooming වලදී සමස්ථ කැමරා පද්ධතියම යොදාගනු ලබනවා.තවද 8MP wide-angle lens එකකින්ද යුක්තයි.

මෙහි 3.5mm head phone jack ක් නොමැති වුවත් USB type-c කින් සමන්විතයි.4065mAh බැටරි ධාරිතාවකින් යුත් මෙය oppo සමාගමේම VOOC flash charging මගින් fast charging සදහා පහසුකම් සපයනවා.


Reno standard model



අගල් 6.4 AMOLED තිරයකින් යුත් මෙය mid range phone ගනයට අයත් ජංගම දුරකතනයක්.qualcomme snapdragon 710 SOC හා 6/8GB RAM මතකයකින් හා 128/256GB internal storage වලින් යුතුවෙනව.48MP ප්‍රධාන කැමරාව හා 5MP depth sensing කැමරාවකින් පිටුපස කැමරා පද්ධතිය යුක්තයි.මෙහි 3.5mm headphone jack එකක් දැකගත හැකි අතර USB type-c port කින් යුතු වෙනව.3765mAh බැටරි ධාරිතාවකින් යුත් මෙයද VOOC flash charging පහසුකමින් යුතු වෙනව.




දුරකතන 2 හිම selfie කැමරාව විශේෂයි.oppo find-X හි මෙන් අවශ්‍ය වූ විට පමණක් පිටතට ගත හැකි motor එකක් මගින් චලනය වන  වෘත්ත චාප කොටසක selfie කැමරාව මෙන්ම පිටුපස කැමරා පද්ධතිය සදහා වූ flash light එකද පිහිටුවා තිබෙනවා.මෙනිසා display එක almost bezel-less ලෙස සැලකිය හැකි අතර screen to body ratio අගය 90% ඉක්මවනවා. දුරකතන 2ම in screen optical finger print scanner එකකින් යුක්තවනවා.තවද එමගින් unlock කිරීමෙදී accuracy එක ඉහල නංවා ඇති අතර response time එක ඉතා අඩු අගයක් ගන්නා බවයි oppo සමාගම පවසන්නෙ.

මෙම දුරකතන මැයි මස දෙවන සතියේදී පමණ ශ්‍රී ලංකාවේ වෙලදපොලට ඉදිරිපත් කිරීමට නියමිතයි.තවද 10x zoom දුරකතනය රු.110 000-130 000 මිලකින්ද Reno standard model රු.80 000-95 000 පමන මිලකින් ද යුතුවෙනවා.

Comments