තිරය නැවිය හැකි ජංගම දුරකතන: Foldable Phones

තිරය නැවිය හැකි ජංගම දුරකතන පිළිබද සංකල්පය බොහෝ කලක සිට පැවතියද අපට ඒවා දැක ගැනීමට ලැබුනේ විද්‍යා ප්‍රබන්ධ හා චිත්‍රපට වලින් පමනයි.





කෙසේ වෙතත් Samsung,Huawei, Apple,Google වැනි ප්‍රබල සමාගම් දිගු කාලයක සිට මේ පිලිබද පරීක්ෂණ කරමින් සිටින බව අන්තර්ජාලයට නිකුත් වී ඇති patent බලපත්‍ර සැලකීමේ දී නිරීක්ශනය කරන්න පුලුවන්.ලිපිය ලියන මේ මොහොත වනවිට Royale,Samsung,Huawei යන සමාගම් තම නිශ්පාදන ඉදිරිපත් කර ඇති අතර Xiaomi,TLC සමාගම්ද තම මූලාකෘති(prototype) පිලිබද වීඩියෝ අන්තර්ජාලයට එක් කර තිබෙනවා.




Royole Flexpai

චීන සමාගමක් වන Royale තමයි සංකල්පයක් ලෙස පැවති foldable phone මුලින්ම සැබෑ ලෝකයට ගෙන එන්න සමත් වෙන්නෙ.මෙම දුරකතනය මධ්‍යන් නවන ආකාරය අනුව tablet එකක් මෙන්ම smart phone එකක් ලෙසද භාවිතා කල හැකි වෙනවා.මෙහි සමස්ථ තිරය අගල් 7.8 ක AMOLED තිරයක් වන අතර qualcomm සමාගමේ නවතම SOC(System On Chip) වන snapdragon 855 වලින්ද 6/8 GB RAM මතකයකින්ද සමන්විත වෙනවා.16MP හා 20MP කැමරා දෙකකින්ද 3970mAh බැටරි ධාරිතාවයකින්ද යුක්ත වෙනවා.


කෙසේ වෙතත් මෙය smart phone සිට tablet ආකාරයට නැවීමේ දී සුමට ලෙස නැමීම සිදුනොව බවත් තිරයේ අන්තර්ගත රූපරාමු lag වීමකට ලක්වන බවත් මිලදී ගත් බොහෝ පාරිභෝගිකයන් පැමිනිලිකොට තිබුනා.එසේ වුවද ඕනෑම තාක්ෂනයක ආරම්භක භාවිතයන් මෙවැනි බොහෝ දුර්වලතා පැවතිය හැකි නමුදු මෙය

තාක්ෂනයේ විශාල ඉදිරි පිම්මක් බව තාක්ෂන විචාරකයින්ගේ මතයයි.






Samsung Galaxy Fold

මෙම දුරකතනය දැනට වෙළදපොලට ඉදිරිපත් කර නොමැති වුව ද MWC(Mobile World Congress ) හිදී මෙහි මූලාකෘතියක් ප්‍රදර්ශනය කරනු ලැබුවා.මෙහිදී තිරය නැවීම සදහා යාන්ත්‍රික අසව්වක්(mechanical hinge) භාවිතා කර තිබෙනවා.එමගින් තිරය නැවීමේ දී flexpai වලට වඩා සුමට අත්දැකීමක් ලබා දෙන බවයි samsung සමාගම පවසන්නෙ.

මෙය අගල් 7.3 dynamic AMOLED ප්‍රධාන තිරයකින්ද අගල් 4.6 Super AMOLED පිටුපස තිරයකින්ද(Cover Display) ලෙස තිර දෙකකින් යුක්ත වෙනවා.තවද මෙහි ප්‍රධාන කැමරා 3 අතුලු කැමරා 5 කින් සමන්විත වන අතර 4380mAh බැටරි ධාරිතාවකින්ද fast charging හා wireless charging හැකියා වලින්ද යුක්ත වෙනවා.එමෙන්ම qualcomm සමාගමේ snapdragon 855 SOC එකකින් හා 12GB RAM මතකයක් හා 512GB internal storage එකක් අඩංගු කර තිබෙනවා.නමුත් මෙහි micro SD බාවිතා කර storage expand කිරීමට අවස්තාව ලබා දී නෑ.




HUAWEI Mate X

මෙය අගල් 8 OLED ප්‍රධාන තිරයකින් සමන්විතවන අතර Huawei සමාගමේ නවතම SOC වන Kirin 980 හා 8GB RAM මතකයකින් යුක්ත වෙනවා.515GB internal storage එකක් සහ Huawei සමාගමේම nano memory හාවිතයෙන් 256GB දක්වා storage expand කල හැකියි.මෙහි ප්‍රධාන කැමරා 4 ක් අඩංගු වන අතර ඒවා Huawei සමාගමේම P30 Pro දුරකතනයේ කැමරා පද්ධතියට බෙහෙවින් සමානයි.4200mAh බැටරි ධාරිතවකින් සමන්විත දුරකතනය MWC හිදී ප්‍රදර්ශනයට තබා තිබුනද තවම වෙළදපොලට ඉදිරිපත් කර නැහැ.



ඉහත සදහන් foldable phones වලට අමතරව Xiaomi,TLC වැනි සමාගම් ද මූලාකෘති වල වීඩියෝවන් අන්තර්ජාලයට එක් කර තිබුනු අතර Apple සමාගමද ඉදිරියේ දී නිපදවීමට බලාපොරොතුවන දුරකතනයක patent බලපත්‍රයක් අන්තර්ජාලයේ ජනප්‍රිය වී තිබෙනවා.මෙහි දී Google සමාගමද තම android මෙහෙයුම් පද්ධතිය foldable phones වලට ගැලපෙන පරිදි දියුනු කිරීමට අවශ්‍යය මූලික පියවරයන් මේවන විටත් ගෙන තිබීම සතුටට කරුනක්.

කෙසේ වෙතත් මෙම තාක්ෂනය තවමත් ළදරු අවදියේ පවතින බව සදහන් කල යුතුයි.එමෙන්ම මෙය රු.400,000 පමණ අධික මිලකින් යුක්ත විමත් ඊට අඩු මුදලකට tablet හා smart phone පහසුවෙන් මිල දී ගත හැකි වීමත් නිසා ආරම්භයේදී මේ කෙරෙහි පාරිභොගිකයන් ආකර්ෂනය කර ගැනීම අභියෝගයක් වී තිබෙනවා.

Comments