විනාශකාරී Windows 10 Updates Uninstall කරමු
මේ වන විට සාමාන්‍ය පරිගණක භාවිතා කරන බොහෝ දෙනා Windows 10 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට යොමු වී ඇත.ඒ එහි ඇති ආරක්ශාව, නවීන විශේෂාංග , ආකර්ෂණීය පෙනුම හා පහසුව ආදී සාධක නිසාය.කෙසේ වෙතත් Windows 10 updates සම්භන්දව නම් බොහෝ දෙනා තුල ධනාත්මක අදහසක් නැහැ.ඊට හේතුව පසුගිය කාලය පුරාම Windows සමාගම විසින් නිකුත් කරනු ලැබූ බොහෝමයක් feature updates මෙහෙයුම් පද්ධතියට නව විශේෂාංග එක් කිරීම වෙනුවට පවතින විශේෂාංග බිදවැටීමට හේතු වීමයි.Microsoft වැනි සමාගමකට වුවද වැරදීම් , අතපසුවීම් සිදු වීම සාමාන්‍යය දෙයක්. එවනි තත්ව තුලදී windows 10 update මගින් මෙහෙයුම් පද්ධතිය ට හා දත්ත වලට හානි විය හැකියි.
නමුත් පරිගණකයේ ආරක්ශාවට හා කාර්‍යක්ෂම වීමට windows මෙහෙයුම් පද්ධතිය update කර තිබීම ඉතා වැදගත්.ප්‍රධාන වශයෙන් Updates ආකාරයන් දෙකයි.ඒ feature Updates(මෙහෙයුම් පද්ධනියට නව විශේෂාංග එක් කිරීමට) හා Quality Updates(මෙහෙයුම් පද්ධනියට නව Security patches එක් කිරීමට).මේවායින් Quality Updates ලබාගැනීම නම් අනිවාර්යයි.නමුත් ඉහත සදහන් කල බොහෝමයක් ගැටලු වලට හේතුව feature Updates.
මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ windows 10 updates නිසා ඔබේ පරිගණකයට හානි වුවහොත් එය යතාතත්වයට පත්කර ගැනීමට අදාල Updates Uninstall කරන ආකාරය යි.
ඒ සදහා ක්‍රම කීපයක් පවතී ඒවා පහත ඉදිරිපත් කර ඇත.
01. Control panel තුලින් Update Uninstall කිරීම.
Windows 10 Updates ඉවත් කල හැකි පහසුම ක්‍රමය මෙයයි.ඒ සදහා,
- මුලින් Windows Settings තුලට පිවිසිය යුතුය.
- ඉන්පසු එහි ඇති Update & Security වෙත පිවිසිය යුතුය.
- ඉන් පසු එහි View update history වෙත ගොස් එහි ඉහල වම් කෙලවරේ ඇති Uninstall Updates තේරිය යුතුය.
- එවිට Installed Updates Window එක විවෘත වේ.
- එයින් දැනට Update වී ඇති සියලු වින්ඩෝස් අප්ඩේට් පෙන්වයි.
- එහි Update වූ දිනය හා Update Number එක පෙන්වයි(මෙය KB-Knowledge Base ලෙස පෙන්වයි.මෙහිදී ඔබට ඉවත් කලයුතු updates වල KB අංකය note කර තබාගැනීම වැදගත් වනු ඇත).
- අදාල update එක මත Right click කිරීමෙන් update uninstall කල හැක.
- එසේ uninstall වී අවසන් වූ පසු පරිගණකය restart කල යුතුය.
සමහර විට මෙම ක්‍රමයෙන් windows update ඉවත් කල නොහැකි වන්නට හැක. එවිට පහත ක්‍රමය අනුගමනය කරන්න.
02. Advanced Startup තුලින් windows 10 update uninstall කිරීම
මේ සදහා මුලින්ම,
- Windows Settings හි Update & Security වලට ගොස් එහි Sidebar තුලින් Recovery තුලට ගොස් Advance startup තුල ඇති restart යන්න click කරන්න(Tips - shift key එක සමග restart කරන්න)
- Restart වී අවසානයේ Advance option නමින් මෙනුවක් දැකගත හැක.
- එහි option කීපයක් දැකගතහැක.පහලින් ඇති Uninstall Updates යන්න තේරිය යුතුය.
- දැන් තවත් option 2 ක් දැකගතහැකි ය.
- Uninstall latest quality updates.
- Uninstall latest feature updates.
- Uninstall latest feature updates තුලට ගොස් අදාල ඉවත් කලයුතු update එක uninstall කල හැක.

03. Windows Update Standalone installer tool(WUSA) මගින් update uninstall කිරීම.
- මේ සදහා මුලින්ම Administrator privileges සහිතව Command Prompt එක open කර ගත යුතුය(CMD මත right click කර run as administrator යන්න ලබාදෙන්න).
- ඉන්පසු පහත ආකාරයට command එක cmd තුල type කරන්න එහි update id(KB) යන්න වෙනුවට අදාල update එකෙහි අංකය ලබාදෙන්න .(පලමු පියවරේදී update id(KB) එක ලබාගන්නා ආකාරය දක්වා තිබේ.)
උදාහරණ : wusa /uninstall /kb:4058702
- ඉන්පසු enter කිරීමෙන් පසු සාර්ථකව update එක uninstall වනු ඇත.
ඉහත ක්‍රම මගින් ඔබට දෝශ ගෙනදුන් update පහසුවෙන් uninstall කරගත හැකි වනු ඇත.
Comments
Post a Comment